මිය ගිය ඉෂාලිනීව දේශපාලනීකරණය කරන්න එපා – මධ්‍යම පළාත් රදගුරු ඉල්ලයි!

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි  මෙහෙකාර  දැරිවිය   පිලිස්සී මිය යාම දේශපාලනීකරණය කරමින් එක් එක් ජාතීන් හා ආගම් අපකීර්තියට පත් කිරීමෙන් වැලකී සිටිය යුතු බව  කතෝලික සභාවේ මධ්‍යම පළාත් රදගුරු හිමිපාණෝ පවසයි.

නිවේදනයක් නිකුත් කරන මධ්‍යම පළාත් රදගුරු වියානි ප්‍රනාන්දු පවසන්නේ පිඩාවට පත්ව ඇති පවුලේ හා කුඩා දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් කටයුතු කිරීම මාධ්‍යයේත් වගකීමක් බවය.

අන්ත දුගී බව හේතුවෙන් ණය බරින් පෙළුණු වතු කරයේ ජනයා  කුඩා දරුවන් පවා මෙහෙකාර සේවයට තල්ලු කිරීම මෙතෙක් ආණ්ඩු කළ සියලු දෙනාම ලැජ්ජා විය යුතු යැයි පවසන රදගුරු වියානි ප්‍රනාන්දු පෙන්නා දෙන්නේ  ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කිසිදු නෛතික හා ආයතනික රාමුවක් නොමැති බවය.

ඉශාලිනි ජූඩ් ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර ඊට වගකිව යුත්තන්ට දඩුවම් ලබා යුතු මෙන්ම අධිකරණ ක්‍රියා වලිය කඩිනම් කළ යුතුයැයි ද  රදගුරු ප්‍රනාන්දු  නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. වතුකරයේ 17 හැවිරිදි පැසල් සිසුවියක් ලිංගික හිංසනයට ලක් කිරීමේ නඩු විභාගයට දැනට වසර 20 ක් ගත වී ඇතත්  තවමත් එහි නිමාවක් නොමැති බවයි  ඔහු නිදසුන් ලෙස පෙන්වා  දී ඇත.

“වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන නිරීක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම, වයස අවුරුදු 18 ට අඩු දරුවන් මෙහෙකාර සේවයට ගැනීම තහනම් කිරීම, වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ප්‍රමාණවත් නිවාස ලබා දීම, සාධාරණ වැටුපක් ලබා දීම, සහ අනෙකුත් දරුවන් හා සමාන මට්ටමින් වතුකරයේ දරුවන් කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු ” යැයි   පෙන්වා දෙන රදගුරු තුමා පවසන්නේ  ඒ සඳහා තමන් ඉදිරිපත් කරන  මේ යෝජනා වැදගත් වන බවය.

Social Sharing
නවතම