“2011 දී උනේ රාජ තාන්ත්‍රිත පාවාදීමක්, මට කනින් කොනින් ඇසුනා!” – විජිත් විජයමුණි කියයි

2011 ලෝක කුසලානය පාවා දීම රාජ්‍ය ත්‍රාන්තික පාවා දීමක් බවට තමන්ට කනින් කොනින් ඇසුණු බව හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

2011 ලෝක කුසලානය පාවා දීමේ චෝදනාව හෝමාගම ක්‍රිඩා පිටිය හැදීමට ක්‍රීඩකයින් විරුද්ධ වු නිසා ඔවුන්ට ගහන ගැහිල්ලක් බවද ඔහු කියා සිටියි. එසේ පාවා දීමක් සිදු වුවා නම් සිදු වුයේ රාජ්‍ය තාන්ත්‍රික පාවා දීමක් බවත් එතනින් එහාට තමන්ගෙන් නොවිමසන ලෙසත් ඔහු කියා සිටියි.

ක්‍රීඩා ඇමති ලෙස මහින්දානන්ද මහතා මෙයට වගකිව යුතු බවත් මෙපමණ කලක් ඔහු නිහඬව සිටිම වරදක් යැයි ද ඔහු චෝදනා කර සිටියි.

තමන් ඇතුලු සියලු දෙනාම 2011 වසරේ ඉන්දීයාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹිමට ගිය බවත් එහිදි ක්‍රීඩකයින්ට කිසිදු වැරැද්දක් කීමට නොහැකි බවත්ය.

එසේ දෙයක් සිදු වී තිබුණා නම් එයට වගකිව යුත්තේ එදා සිටි ජනාධිපතිවරයා හා ක්‍රිඩා ඇමතිවරයා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම