රුපියල් ඉහළ යයි

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවි තුළ අද ප්‍රසිද්ධ කර තිබුණ අයුරු දැකගත හැක. කෙසේ නමුත් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

Read More

ඩොලරයේ අගය 400ම වෙයි..?

අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස අද දින සටහන් කර ඇති අයුරු දක්නට ලැබේ.

Read More

ලෝක බොරතෙල් මිළ පහලට

crude oil price down

අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.48 පහත වැටීමකි. බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.5 ක් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.19 පහත වැටීමකි

Read More

රුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?

dollar

කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සහ මහ බැංකුව විසින් රුපියල පා කිරීමට ගත් තීරණය එකිනෙකට පරස්පර වීම සහ මෙම තීරණයන් දෙක ගැනීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සහ කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයා අතර නිසි සන්නිවේදනයක් සිදුනොවී ඇති බව වාර්තා වෙන අතර එයට හේතුව මෙම ගැටුම විය හැකියැයි එම ආරංචි මාර්ග සැකපළ කරයි. රුපියල පා කිරීමට මහ බැංකුව පසුගිය 07 වෙනි…

Read More

ඩොලර් අර්බුදය ACL කේබල් සමාගමටත් බලපායි.

acl cables plc

ශ්‍රී ලංකාව මුහුණපා සිටින  විදේශ විනිමය අර්බුදය නිසා, අත්පිට මුදල් ලැබීමේ පදනම මත පමණක් මින් ඉදිරියට නිෂ්පාදන විකිණීමට තීරණය කර ඇති බව ලංකාවේ ප්‍රධානතම කේබල් සමාගමක්  ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ. දේශීය බැංකු විසින් පනවා ඇති සීමා කිරීම් නිසා තමන්ට විදේශීය සැපයුම්කරුවන්ගෙන් ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය ලබා ගැනීම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන ACL කේබල් සමාගම අවධාරණය කරන්නේ එම හේතුවෙන් සමාගමට අමුද්‍රව්‍ය හිගයකට නුදුරේදීම මුහුණ දීමට සිදු වී ඇති බවයි. දැනට තමන් සතුව පවතින අමුද්‍රව්‍ය ඉදිරි මාස දෙකක කාලයට අදාල ඉල්ලුම සපුරා ලීමට තරම් වත් ප්‍රමාණවත් නොවන බව ACL කේබල්…

Read More