ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

michelle bachalet

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බිය ගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් දක්වා පුළුල් වී තිබීම…

Read More

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි. ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පිපිරා යාම හේතුවෙන් 200 දෙනෙකු පමණ  මරණයට පත්ව 6000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි. බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය සිදු වුයේ 2020 අගොස්තු 04 දාය. මාර්තා හර්තාඩෝ ජීනිවා සිට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ 2020…

Read More