සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. තවද මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමිතය. ඉකුත් පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Read More

යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

ukraine crisis

යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ති‌බේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. මෙම ඒකා බද්ධ ඉල්ලීම සඳහා ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා ති‌බේ. තව ද එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අදාළ ඒකාබද්ධ…

Read More

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

ukrain crisis

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය කිරීමට ගොස් තවත් උත්සන්න වීමේන් පසුව ජනපති යනුකොවිච් 2014 පෙබරවාරියේ රටින් පළා ගියේය. පසුව එම වසරේම රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ක්‍රිමියානු ප්‍රදේශය පාලනය කිරීමට පටන්ගත් අතර ජනමත විචාරණයක දී ක්‍රිමියානුවන් රුසියානු සමූහාණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. එවිට අර්ධද්වීපය විධිමත් ලෙස ඈඳා ගැනීමට පෙර රුසියානු ජනපති වැලඩ්මීර් පුටින් විසින් ගිණිකොනදිග යුක්‍රේනයේ රුසියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ…

Read More