සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය කිරීමට ගොස් තවත් උත්සන්න වීමේන් පසුව ජනපති යනුකොවිච් 2014 පෙබරවාරියේ රටින් පළා ගියේය.

පසුව එම වසරේම රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ක්‍රිමියානු ප්‍රදේශය පාලනය කිරීමට පටන්ගත් අතර ජනමත විචාරණයක දී ක්‍රිමියානුවන් රුසියානු සමූහාණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. එවිට අර්ධද්වීපය විධිමත් ලෙස ඈඳා ගැනීමට පෙර රුසියානු ජනපති වැලඩ්මීර් පුටින් විසින් ගිණිකොනදිග යුක්‍රේනයේ රුසියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කළේය.. මේ නිසා එය යුක්‍රේනයේ වාර්ගික බෙදීම් උග්‍ර කළ අතර නැගෙනහිර ප්‍රදේශයේ රුසියානු හිතවාදීන් යුක්‍රේනයෙන් නිදහස ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්විය.

ඒ අනුව 2014 සිට නැගෙනහිර යුක්‍රේනය සහ යුක්‍රේනය අතර බෙදුම්වාදී ගැටුම් ආරම්භ විය. පසුව එය එම වසරේම ජූලි මාසයේ දී ජ්‍යාත්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර  2015 වර්ෂයේ දී මින්ස්ක් ගිවිසුම හරහා රුසියානු යුක්‍රේන ගැටුම් නැවැත්වීමට උත්සහ දරා ඇත. කෙසේවෙතත් එම උත්සහය අසාර්තක වී ඇත. නමුත් එය අසාර්තක වීම කෙරෙහි දෙපාර්ශවයම එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටී. පසුව 2017 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය යුධ ටැංකි බළකායන් දෙකක් යුක්ක්‍රේනය වෙත එකතු  කිරීමත් සමඟ මේ සංග්‍රාමයට ඔවුන් ද අවතීර්න විය.

ඇමරිකා එක්සත් ජනපදය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමඟ නැගෙනගිර යුක්‍රේනය නිදහස් කරන ලෙස රුසියාවට දිගින් දිගටම බලපෑම් එල්ල විය. පසුව 2018 වසරේ දී රුසියානු නිලධාරීන් ගණනාවකට එක්සත් ජනපදය විසින් සම්බාදක පැනවීය. එපමණක් නොව රුසියාව දිගින් දිගටම යුක්‍රේනයට එරෙහි සයිබර් ප්‍රහාර එල්ල කෙරූ අතර එයින් යුක්‍රේනය විශාල කඩාවැටීමකට ලක් විය. පසුව එක්සත් ජනපදය මැදිහත්ව එරට සයිබර් අවකාශය වඩාත් ආරක්ෂාකාරී ලෙස සැකසීය.

කෙසේවෙතත් 2014 වසරේ සිට මේ වන විට අවුරුදු 07ක් ගත වී ඇති නමුත් මෙම අර්බුදය තවමත් විසඳී නැත. රුසියානු හමුදා රුසියානු යුක්‍රේන දේශසීමාවේ සීරුවෙන් සිටී. එමෙන්ම රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාදක නිසා එරට මූල්‍ය අර්බුදයට යම් තර්ජනයක් පවතී. තවද විදෙස් මාධ්‍ය වාර්ථා අනුව එරට ජG8 සහ G7 යන සංගම් වලින් ද ඉවත්කර තිබේ.

වැඩි වශයෙන් යුක්‍රේනයට හානි සිදු වී ඇති මේ අර්බුදය නිසා එරට 14,619ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 2000 දෙනෙක් අතුරුදන් වී ඇත. එමෙන්ම 24,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

අද දින යුක්‍රේනය විසින් පැය 48ක් ඇතුළත මෙම අර්බුදය පිළිබඳව රුසියාව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුනත් මෙතෙක් රුසියාව තුලින් ප්‍රතිචාරයක් ලැබී නැත.

එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසෙන බව ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළත් යුක්‍රේන සහ රුසියානු දේශසීමා තුළ 100,000කට අධික භට පිරිසක් රැඳී සිටියද රුසියානු ජනපති පුටින් පවසන්නේ ඔවුන් යුක්‍රේනය ආක්‍රමණය නොකරන බවත් ඔවුන්ට එසේ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

ukrain russo war

යුක්‍රේන රුසියා දේශසීමාව

 

russia

රුසියන් හමුදාව දේශසීමාව වටකර ඇති අයුරු

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්