වැඩකරන පංතියේ ජනතාවට  වෙනස් කළ නොහැකි දෙයක් නැහැ –  සුනිල් හඳුන්නෙත්ති

sunil handunnetti Eastern Terminal of the Port of Colombo

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ ජවිපෙ මූලස්ථානයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුව අමතමිනි. ආණ්ඩුව රාජ්‍ය බලය හා මාධ්‍ය බලය භාවිතා කරමින් ජනතාව තුළ වැරදි මතයක් තහවුරු කිරීමට සූදානම් වන බවත්, ජැටිය විකිණීමේ උත්සාහය පරාජය කිරීමේ ගෞරවය බලෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා පවසයි. කපටි ආරක්ෂකයන් විසින් ගන්නා මෙම උත්සාහය…

Read More

එදා ඡන්දය දාන්න ලංකාවට ආව රට විරුවන්, අද කරුමක්කාරයින්!

Crisis of Sri Lankans Abroad

ලංකාවට දෙවැනියට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ය. වසරකට ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් විදේශ විනිමය ලංකාවට ගෙන ආහ. එවැනි මිනිසුන්ව අද වසරකට ආසන්න කාලයක් ඒ ඒ රටවල අසරණ වී සිටින්නේ සිය මව්බිමට පැමිණිමට නොහැකි වීමෙනි. තමන්ගේ රැකියා කාලය අවසන් වී වලංගු වීසා කාලය ඉක්මවා ගොස් සිටින අය, කොවිඩ් වෛරසය හමුවේ රැකියා අහිමි වු අය, වැඩිදුර අධ්‍යාපනයට ගිය අය, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්න ගිය අය, විසිට් වීසා ගිය අය, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගත වී සිටි අය මේ වන විට විදේශයේ සිර වී සිටියි. මෙරට…

Read More

වියත් මගෙන් හැදූ ආණ්ඩුව මරු!

Sunil Handunnetti jvp sri lanka Gotabaya Viyathmaga

”ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මහමැතිවරණය තියනකම් මොනවද කිවුවේ. මේක තමයි වියත් මඟ හදන ආණ්ඩුව කියල කිවුවා. ඔවුන් ඉස්සර කොහොමද කිවුවේ? මෙච්චර කාලයක් ඇමතිකම් දුන්නේ කිසිදු පදනමකින් නොවෙයි කිව්වා. විද්‍යාත්මක භාවයක් නෑ කිවුවා. පවුලේ අයට පත්වීම දෙනවා කිවුවා. නමුත් ගෝඨාභය සර් ආවාම එහෙම වෙන්නේ නෑ කිවුවා. දැන් කොහොමද වියත් මගෙන් හදාපු ආණ්ඩුව. අවුරුද්දක් යන කොට කුණු වෙලා ගඳ ගහන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා 2021 අයවැය යෝජනා සම්බන්ධයෙන් 02 දින අම්බලන්තොට පැවති මහජන හමුවකදී පැවසීය. “අයවැය ලේඛණය ඉදිරිපත් කරල…

Read More