හෙට විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.

Read More

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

sajith premadasa

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන් උනන්දුවෙන් අත්සන් ලබාදෙමින් සිටින බව වාර්තා වෙන අතර යෝජිත අන්තර්වාර පාලනයේ නායකත්වය ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මාස 06ක පමණ පාලන කාලයකට මෙම ආණ්ඩුව පිහිටුවනු ඇතැයිද ඉන්පසුව වහාම මැතිවරණයකට යනු ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

Read More