විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන. එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට…

Read More

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ගියාද?

Oil tanks in Trincomalee to India

2003 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ වසර 35ක කාලයකට බලපැවැත්වෙන පරිදි අත්සන් කෙරුණු  ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ගිවිසුම නව ගිවිසුමක් මගින් පසුගිය ජනවාරි 6 දා අහෝසි කෙරුණ අතර ඒ අනුව නව ගිවිසුම යටතේ අවුරුදු 50ක කාලයක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එම තෙල් ටැංකි බෙදී යනු ඇත. මෙම නව ගිවිසුමට අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක්, ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් අයිතිවෙනු ඇත. උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් මෙය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වූවත් බොරතෙල් ගෙන්වා ගැනීමට…

Read More

ඖෂධ සහ තෙල්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සරණං ගච්චාමි !!

Trincomalee oil tanks to India

ඉන්දීය රජය ලංකාවට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ ප්‍රධාන කොන්දේසිය යටතේ චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියාවට ලබාදීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි දැනගන්නට ලැබේ. රටේ උද්ගත ඩොලර් අර්බූදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා මෙම ණය මුදල ලබාගැනීමට යෝජිත අතර ඒ සඳහා ඉන්දියාව මෙම තෙල් ටැංකි ස්ථිරවම තමන්ට ලබාදිය යුතුයැයි ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ සඳහා නව සමාගමක් ස්ථාපිත කරන අතර එමගින් 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ, බෙදාහැරීමේ ඒකාධිකාරී…

Read More

ඉන්දීය ණය ලැබෙන්නේ තෙල් ටැංකි දුන්නොත් විතරයි!

Trincomalee Oil Tanks india loan for sri lanka

ශ්‍රී ලංකාව මුහුන දී තිබෙන ඩොලර් අර්බූදය, තෙල්, ආහාර සහ ඖෂධ අර්බූදය විසඳාගැනීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන සහන ණය පැකේජය ලැබෙනු ඇත්තේ එලබෙන ජනවාරිය වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාද යන්න පිළිබඳව රජය ස්ථිර අදහසක් කියන්නේ නම් පමණක් බව වාර්තා වේ. ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ සඳහා ද ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක් ද විදෙස් විනිමිය සංචිත තර කරගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 400ක් වශයෙන් සහන පැකේජයක් ලබාදීමට ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට එකඟවී ඇත. මෙම එකඟතාවයට අනුව ශ්‍රී ලංකා රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්නේද යන්න…

Read More

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

නව පරපුරක තත්වාවබෝධය

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම් බිමක් පාසා සැබෑ මරණ බියක් පැතීරී පවතී. එක් අතකින් ඔවුන් අවට කවුරුන් හෝ කොවිඩ් 19 වෛරසය නිසා මරණයට පත්වී සිටී. මේ අතර කොවිඩ් තමන්ට හා තමන්ගේ හිතවතුන් අතරටද පැතිරිය හැකි බව පිලිබදව සැබෑ භීතියක් රටේ අස්සක් මුල්ලක් නෑරම පවතී. වසංගතයක් පිළිබද මේසා අත්දැකීමක් මෑත යුගයකදී ලංකාව තුළ දැකගන්නට හෝ අසන්නට නැත. මුල් කාලයකදී මෙම වෛරසයේ…

Read More

ඉන්දියාවේ ණය ගෙවූ සැනින්, ඩොලර් බිලියන එකහමාරක ණයක් චීනෙන්!

1.5 billion loan from China Central Bank of Sri Lanka

විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකා මහ බැංකුව යුවාන් බිලියන 10ක් වන එම මුදල ලබාගෙන ඇත්තේ චීන මහජන බැංකුවෙනි. “ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත,” යි රජය නිවේදනය කර තිබේ. චීන ව්‍යවහාර මුදලින් ලබාගන්නා ණය වෙනත් රටවල යොදා ගැනීමේ දුෂ්කරතාව නිසා එය වැය කිරීමට සිදුවනු ඇත්තේ චීනයේම නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමටය.…

Read More