මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

Ranil Wickremesinghe Member of Parliament United National Party

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ  (23 ) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක කොලොන්නේ මහතා මෙසේ ද කීය. “අද අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය. එතුමාට නිවන් සුව පතනවා. ඉස්සර අපි හැමෝම…

Read More

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ සමගි ජන බලවේගයේ 10 ක් සමගයි. – මහින්දානන්ද කියයි.

Ranil Wickremesinghe Parliamentary seat mahindananda aluthgamage

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට යළි රෝහල්ගතවීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙවර යල කන්නයේදී ගොවියන් වෙත ප්‍රමාණවත් පරිදි පොහොර සැපයීම කර ඇතැයි කී අමාත්‍යවරයා, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බැවින්…

Read More

අනීතික ඝාතන වහා නවත්වන්න – විපක්ෂ නායක

stop extra judicial killing sri lanka sajith premadasa SJB

පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු වු යම් සිද්ධීන් නිසා පොලිසියට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය. මෙම ඝාතන සම්බන්ධයෙන් ඊයේ (13) දින විපක්ෂ නායක කාර්යාලයේ ද අවධානයට යොමු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ  අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත්, එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්ය. පොලිසිය…

Read More

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

Attanayake says President gotabaya agrees to pardon Ranjan ramanayake

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 28 දින අඟුණකොළපෑලැස්සේදී පැවසීය. අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායක මහතාගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ එසේ පැවසීය. දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු…

Read More

හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ

United National Party Leader Ranil Wickremesinghe harin fernando

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතා කළින් සිටි අමාත්‍යාංශයේ සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරු බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ නිසා මේ සිද්ධිය ගැටලු සහගත බවද ඔහු කියා සිටියි. මෙය වැඩ කරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක් ලෙස තමන් සලකන බවද ඔහු කියා සිටියි. එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් තොරතුරු තිබේනම් ඒවා රටට හෙළි කළ යුතු බවත් නමුත් එය…

Read More

අද දෙමළ ඊළමක් නෑ, අද තියෙන්නේ චීන ඊළමක්!

Rajitha Senaratne Samagi Jana Balawegaya political situation sri lanka

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අප්‍රේල් මාසේ වෙනකොට දෙවෙනි ඩෝස් එක දෙන්න ඕනී නමුත් දැන් ඒක මැයි මාසෙට ගිහිං තියෙනවා. මේ වෙනකොට රජය සහ සවුඛ්‍ය අමාත්‍යාංශය විශාල අර්බුදයක ඉන්නවා, මොකද අවශ්‍ය එන්නත් ප්‍රමානය ගෙනල්ලා නැහැ. ලංකාවේ ලක්ෂ 216ක් මිනිස්සු ඉන්නවා. මේකෙන් අවම වශයෙන් ලක්ෂ 130කට එන්නත් දෙන්න ඕනෑ. එතකොට එන්නත් ලක්ෂ 260ක් ලංකාවට ගේන්න ඕනී. මේ ලක්ෂ 260න් දැනට කීයක් ගෙනත් තිබෙනවාද? ලංකාවට ප්‍රධානයක් විදිහට ලැබුණා ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක්, ඒක නිකං ලැබුණේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂ 40ක් මේ රටට දෙන්න පොරොන්දු වුණා. ඒකෙන් ලක්ෂ 16ක් මාර්තු මාසේ වෙනකොට…

Read More

රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!

Imtiaz Bakir Marker current political situation samagi jana balawegaya

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ.. මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ. මේක විද්‍යාත්මක පදනමක් අනුව පරීක්ෂණවලින් නිගමනවලට ඇවිල්ල තියෙනව, ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. මේක බොහෝ දෙනා දේශපාලන වාසි සඳහා උපයෝගී කරගෙන තියෙනවා . ඒ තුළින් ඔවුන් ප්‍රශ්න ඇති කරනවා, විවිධ න්‍යාය පත්‍ර ගේනවා, මේක මහා විහිළුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය පිළි ගන්වා නම් මේ දේවල් ඇති වෙන්නේ නැහැ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම…

Read More

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!

vadivel suresh state workers plantation workers rs.1000 struggle

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න බැරිද? මොකක්ද එහි තත්ත්වය.. ඇත්තටම ලංකාවෙ ජීවන වියදම අනුව බලනකොට රුපියල් දාහක් කියන්නේ සාධාරණ මුදලක්. දැන් තියන බඩු මිල අනුව බැලුවම. රජයේ අයවැයක් ඉදිරිපත් කරන කොට, යෝජනාවක් ඉදිරිපත් කරනකොට, ඒ අවශ්‍ය සැලසුම් ඔක්කොම කරලා මුදල් වෙන් කරලා තමයි කියවන්නෙ. එතකොට ඇත්තටම දේශපාලන පොරොන්දුවක් හැටියට ජනාධිපති මැතිවරණයේදී 2019 නොවැම්බර් මාසය වෙනකොට අතිගරු ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ඉදිරියට…

Read More

රන්ජන්ගේ මන්ත්‍රීධූරයෙන් හෙළි වන විපක්ෂයේ දේශපාලන පෞරුෂයේ ගැටළුව?

ranjan ramanayake parliament seat Samagi Jana Balawegaya

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට ඉඩ ලබා දී සමස්ත පාර්ලිමේන්තු ඉතිහාසයටම කැළලක් එක් කිරීමට කටයුතු කර තිබියදීය. එකී දිවුරුම් දීම විදෙස් මාධ්‍යයන්ගේද අපූරු සිරස්තලයන්ගෙන් වාර්තා කරමින් ලංකාවේ දේශප්‍රේමයේ තරම මැනවින් ලෝකයට වටහා දී තිබුණි. කතානායකවරයාගේ නිර්ලජ්ජිත ස්වරූපය එළිදරව් වුනු ප්‍රධාන සිදු වීමක් ලෙස එකී දිවුරුම් දීම හැඳින්විය හැක. එකී කතානායකවරයාට කිසිදු අභියාචනා අවස්ථාවක් නොමැති…

Read More

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර

Manusha Nanayakkara current political situation in sri lanka

කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව ගරානාවක් බවට පත්කර කරන ව්‍යාපාරය තමයි දැන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනිම කාරණාව මේ වෙලාවේ කොවිඩ් පොසිටිව් වෙනවාද නැද්ද කියන එක හරියට බලාගන්න පුළුවන් වෙන්නේ වැඩි පරීක්ෂණ සංඛ්‍යාවක් සිද්ධ කිරීම මගින්. වර්තමානේ පරීක්ෂන සිදුකිරීම අත්හැරලා දාලා තියෙනවා.  හමුදාව ඇතුලේ  පරීක්ෂණ කරන අයගෙන් සියයට පනහකට ආසන්න සංඛ්‍යාවක් පොසිටිව් වෙච්ච ගමන් හමුදාව තුළ නීතියක් දැම්මා මෙතනින් පස්සේ PCR…

Read More