බයිඩන් බිරිඳට සහ දියණියටත් රුසියාව තහනම්

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි වලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ. මෙසේ ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීම් කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙනි.

Read More

ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු රජයේ අධිකාරිය ප්‍රකාශ කිරීම හරහා යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසා අත්තේ. ඒ අනුව රුසියානු දේශපාලඥයින් ඇතුළු එම පිරිසට මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මෙම ක්‍රියාව සමග යුක්රේනයේ සහ ඕස්ට්‍රේලියාව අතර මිතුරුකම් නැවතත් අලුත් වී තිබේ.

Read More

ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර

අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ඩොලර් බිලියන 20 ක් යුද කටයුතු සඳහාත්, ඩොලර් බිලියන 8.5 ක් ආර්ථික කටයුතු සඳහාත් ඉතිරි ඩොලර් බිලියන 3 මානූෂීය ආධාර ලෙසත් යුක්‍රේනයට ලබාදීමට යෝජනා වී තිබේ. තවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  අමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේ, කිසිසේත්ම රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවයි. එසේම සුප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී විසින් යුක්‍රේනයෙහි සංචාරයක නිරත් වී ඇති බව විදෙස් ආරංචි…

Read More

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.

ukraine crisis

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි. එසේම තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් සඳහන් කර ඇත. තවඳ ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවත්. එසේම ඒ සඳහා සිය හමුදාවට උපකාර කරන ලෙසත් ය. එබැවින් මෙම වීඩීයෝ…

Read More