පෞද්ගලික අංශයේ අනතුරු වන්දිය ‘ලක්ෂ 20 දක්වා ඉහලට’

Private Sector Accident Compensation Nimal Siripala de Silva

රාජකාරියේ නිරතව  සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන  වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්වයට  පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීමට  කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව වැඩබිම් අනතුරකදී සිදුවූ මරණයකදී මෙතෙක් ගෙවූ රුපියල් 550,000 ක් වූ මුදල රුපියල් 2,000,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනෙන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. රජය පවසන පරිදි…

Read More

බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ…

Read More

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප

buget

ලබන වසර සදහා වන අයවැය යෝජනාවට   පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  ඉල්ලා ඇත්තේ පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරමින් දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රුපියල් දහසය දහසක් වන ජාතික අවම වැටුප රුපියල්  විසිහය දහසක් ලෙස තීන්දු කරන ලෙසටය. “එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය…

Read More