එමිල් රංජන්ට මරණ දඬුවම!

Emil Ranjan sentenced to death welikada prison massacre

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව පසුගිය 12 දා කැඳවූ අතර එහිදී චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස  තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් අවසන්වී දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්කිකරුවන් බොහෝ දෙනෙකු සාක්කි දී ඇති හෙයින් එම සාක්කි විශ්ලේෂණය කිරීම ඇතුළු කරුණු…

Read More

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

sarojini kusala weerawardena

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමට තීරණය වී ඇත. ඒ  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුලු අමාත්‍යාංශ ප්‍රධානීන් විසිනි. පහුගියදා පාර්ලිමේන්තුවේදි ඔහු පවසා තිබුණේ මෙම සිද්ධිය පිලිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවය. ඒ අනුව එකී විමර්ශනය සඳහා විශ්‍රාමික විනිසුරුවරිය පත් කිරිමට සුදුසු බව යෝජනා වී ඇත. මීට පෙර ඇය, මහර බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සභාපතිවරිය ලෙසද…

Read More

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

prisoners 165 deaths in 2019 Department of Prisons

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

Prisons in Sri Lanka are unsuitable for human beings BBC

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ සදහා බන්ධනාගාරයන්ට අමතරව රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. මෙම අධ්‍යයනයේ දී එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සාකච්ඡාවට බඳුන් කර තිබේ. 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු…

Read More

රැඳවියන්ට  ආත්ම ගරුත්වයක් සමඟ ජීවත් වීමේ අයිතියක් ලබා දී  නැහැ! –  ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

international human rights day 2020 visakesa chandrasekaram

රැඳවියන්ව ගාල් කර තැබීමෙන් කොරෝනා වැනි වසංගයක් පැතිර යන අවස්ථාවක ඔවුන්ට ජීවිත බයක්  ඇති වෙන නමුත්  මේ රජය ඉතාම නොසැලිකිමත් ආකාරයෙන් ඔවුන්ට හිමි ජීවත් වීමේ අයිතිය අහිමි කර දැමීමේ තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් අද (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතුව විසින් කොළඹ ජානක හෝටලයේ  පවත්වන ලද සංවාද මණ්ඩපයේදීය. නීති විරෝධි ඝාතන සම්බන්ධව රජයේ සහ අපේ වගකීම යන මැයෙන් මෙවර මානව හිමිකම් දිනය සැමරු අතර මෙහි විශේෂත්වය වුයේ සියලු…

Read More

මානසික රෝගීන්ගේ ඖෂධ වලින් කලහකාරී හැසිරීමක් ඇතිවෙන්නේ නැහැ! – මනෝ වෛද්‍යවරු හෙලිකරයි.

incident at Mahara Prison Sri Lanka Psychiatric Association

මහර බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. එය පළමුවෙන් ප්‍රකාශ කලේ අමාත්‍ය විමල් විරවංශ මහතාය. ඒ 30 දා පැවති පාර්ලිමේන්තුවේදීය. පසුව එදිනම සවස මේ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද කියා තිබුණි. පසුව මෙය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම, බන්ධනාගාර නිලධාරීන්ද පවසන්නට විය. මේ රැඳවියන් බන්ධනාගාරයේ තිබු මානසික ආතතිය සඳහා ලබා දෙන පෙති 21,000 ක් ලබා ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම මෙයට බන්ධනාගාර රෝහලේ…

Read More

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට!

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ  රඳවා සිටි සැකකරුවන් පස්  දෙනෙකු අද  (18) අලුයම එකට පමණ  බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු  තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත. රැඳවියන් පිරිස අඩි 30 ක් පමණ උසැති බන්ධනාගාර තාප්පය මතට නැග පළා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක්ද සිදුකර තිබේ. එම අවස්ථාවේ රැඳවියන් තිදෙනෙකු තාප්පයෙන් පිටතට පැන තිබෙන අතර අනෙක් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිටතට පනින ලද තිදෙනා අතරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ…

Read More