සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන, ඇල්බියන් වත්ත, බ්රස්ටන්, සින්න නාගවත්ත, නිව් බ්රස්ටන් ආදී වතුවල තේ දළු නෙලන කම්කරුවන් අද දිනයේ සේවා ස්ථිනයට වාර්තා කර සිය රාජකාරිය ඉටු නොකරමින් වැඩ වර්ජනය දියත් කර තිබේ. එයට සමගාමීව සින්න නාගවත්ත වතු කම්කරුවන් විසින් විරෝධතාවයක්ද දියත් කළ බව පළාත් බද…
Read MoreTag: plantation workers union in sri lanka
අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!
අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ වතු හාම්පුතුන් විසින් හදිසියේ ඉහල නංවා ඇති දෛනිකව තේ දළු ප්‍රමාණය නෙළිමට නොහැකි වුවහොත් වැඩ කරන දින ගණන සීමා කරන බවට වතු කළමණාකරු විසින් ලිඛිතව දන්වා ඇති බවයි. දිනකට එක් කම්කරුවකුට තේ දළු කිලෝ විස්සක ප්‍රමාණයක් නෙලීමට නොහැකි වුවහොත් සතියකට වැඩ කිරීමට ලබා දෙන්නේ දින තුනක් පමණක් බවට වතු කළමනාකරු විසින් කම්කරුවන්ට ලිඛිතව දැනුම් දී…
Read Moreවතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක
ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක සේවිකාවන්ට සමාජයේ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් නමුත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ කිසිදු කම්කරුවෙකුට සමාජ පිළිගැනීමක් ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියි. නීතිඥ දුලාන් දසනායක ඇතැම් විට මොවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකි බව වතු හාම්පුන් සිතනවා විය හැකි බවද හෙතෙම පවසයි. පොලිස් ප්රචණ්ඩත්වයේදීද වැඩි…
Read Moreසහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!
කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින් උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක් ජුලි 15 අගහරුවාදා උදෑසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස දී විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණනාවක් හමු විම නිසා මැයි 21 දින සිට හුදකලා කර තිබු එම වතු යාය අද උදෑසන සිට විවෘත කර තිබේ. හුදකලා බව ඉවත් කළ සැනින් විරෝධතා පැවැත්වු වතු කම්කරුවන් අවධාරණය කර ඇත්තේ හුදකලා කරන ප්‍රදේශ…
Read Moreවතු ආර්ථිකය කඩා වැටිලා නෑ ඒක බොරුවක්!
චතුර සමරසිංහ ලේකම් වතු සේවා සංගමය කාලෙකදි ලංකාව ලෝකයම අදුරගත්තේ වතු ආර්ථිකයත් එක්ක. ඒ කාලේදී ලංකාවේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ලැබුණේ වතු ආර්ථිකයෙන්. ඒක අද වන විට සෑහෙන පහත වැටිලා තියෙන්නෙ. මේ වතු ආර්ථිකයේ කඩා වැටීම ගත්තොත් ඇත්තටම වතුවලට මොකද වෙලා තියෙන්නේ? අපි 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන යුගය වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 90% ක් ලබා දුන්නේ වතු ක්ෂේත්රය. නිදහසෙන් වසර ගණනකට පස්සේ අද වුනත් මේ තරම් හැල හැප්පීම් මැද පවා අපේ රටේ සමස්ත අපනයන අදායමේ විශාල පංගුකරුවෙක් වෙන්න වැවිලි කර්මාන්ත අංශයට හැකි වෙලා තියෙනවා. අදත් සමස්ත අපනයන අදායමෙන්…
Read Moreඅපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න බැරිද? මොකක්ද එහි තත්ත්වය.. ඇත්තටම ලංකාවෙ ජීවන වියදම අනුව බලනකොට රුපියල් දාහක් කියන්නේ සාධාරණ මුදලක්. දැන් තියන බඩු මිල අනුව බැලුවම. රජයේ අයවැයක් ඉදිරිපත් කරන කොට, යෝජනාවක් ඉදිරිපත් කරනකොට, ඒ අවශ්‍ය සැලසුම් ඔක්කොම කරලා මුදල් වෙන් කරලා තමයි කියවන්නෙ. එතකොට ඇත්තටම දේශපාලන පොරොන්දුවක් හැටියට ජනාධිපති මැතිවරණයේදී 2019 නොවැම්බර් මාසය වෙනකොට අතිගරු ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ඉදිරියට…
Read MoreChathura Samarasinghe | බොරුව පෙන්වා වතු සමාගම් ලාභ ලබන හැටි
රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read MoreVadivel Suresh | බයිබෝස් දාන්න ගිහින් බෙල්ලයි මිරිකන්නෙ
වතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read More