රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි. පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව අද විභාගයට ගැනීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මෙම විනිසුරුවරයා ඉහත සඳහන ප්‍රකාශ කර ඇත. මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද, යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී…
Read MoreTag: pasku attack in sri lanka
පාස්කු බූමරංගයට වීසිකළ පූජිත්-හේමසිරි ගැලවෙයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට ප්‍රථම මෙම චෝදනාවලටම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙ විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද…
Read Moreපූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට
පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබුණ අතර එහිදී අධිකරණය ඉදිරියේ අනාවරණය වී ඇත්තේ මෙම ලේඛන බොහෝමයකට හිටපු පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්න යැයි සටහන් යොදා ඇති බවය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව පසුගිය 19 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල…
Read More20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද? කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය…
Read Moreඅසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි. එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්…
Read Moreබුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන
ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවත් බින් ලාඩන් ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වලක්වා ගන්න ඇමරිකාවටත් බැරි වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි. ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද)…
Read More“පාස්කු වාර්තාව” පුස්ස බින්දා වගේ වැඩක්! – අලුත් පියාපත් කියයි
පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි. 2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක්…
Read Moreසහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි. “මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල…
Read More