මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ අර්බුදකාරී තත්වයකි. ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පහුගියදා සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ මිගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක්ද ගොනු කර තිබුණි. ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට…
Read MoreTag: parliament of sri lanka is called
බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?
සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ විය. මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට්පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට…
Read Moreමාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!
වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි. පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ වීම ගැන සිය ස්ථාවරය සඳහන් කරමින් මාර්තු 12 ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙකී නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. ලොව විවිධ පෙදෙස්හි වෙසෙන දුසැරියට හා සොරකමට එරෙහි වෘත්තිකයන් මෑත කාලීනව හෙළිකොට ඇති අප රටින් එපිට එනම් අක්වෙරල සමාගම් හා…
Read Moreඅයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප
ලබන වසර සදහා වන අයවැය යෝජනාවට පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිය සමිති නායකයන් ඉල්ලා ඇත්තේ පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් කරමින් දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රුපියල් දහසය දහසක් වන ජාතික අවම වැටුප රුපියල් විසිහය දහසක් ලෙස තීන්දු කරන ලෙසටය. “එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය…
Read MoreRTI කොමිසමට නාම යෝජනා කැඳවේ.
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව ද ඒ මහතා කියා සිටියි . මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්ෂ නායක සජිත්…
Read Moreහැමදාම පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කවුද?
ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී. දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන 2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින් Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු අනාවරණය කර තිබේ. එම අනාවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් සටහන් කර තිබෙන ජනතා නියෝජිතයන් දාහතර දෙනා අතරින් වැඩි දෙනකු අයත්වන්නේ ආණ්ඩු පක්ෂයටය. එයින් පස් දෙනෙකු සමගි…
Read More