පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.
Read MoreTag: parliament members
ඡන්දයකින් තොරව අධිභාර පනත සම්මතයි
කතාබහට ලක්වුණු අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
Read Moreමන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!
අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ රැස්වීමට මන්ත්‍රීවරුන් 132ක් ඇවිත් ඉඳලා තිබෙනවා. එතනදී ජනාධිපති කියලා තිබෙනවා 113ක් කාටහෝ පෙන්වන්න හැකිනම් තමන් සූදානම් ආණ්ඩුව භාර දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට 113ක බලයක් ආවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවක් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ කතාවලින් පේන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ උද්දච්ච හැසිරීම් තවමත් එලෙසමයි කියලයි. මේ රැස්වීම ඉවර වෙලා එළියට ආපු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියන්නේ ජනාධිපතිවරයාට…
Read Moreනාම යෝජනා භාර දෙනවිටම වත්කම් ප්‍රකාශයත් ලබා ගැනිමේ සැලසුමක්!
නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් (30) පැවසීය. එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම එහිදී කීවේය. මැතිවරණ…
Read Moreජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන් ආණ්ඩුව ඇතුලේ තිබෙනවා යැයි පැවසෙන අර්බුදය එලියට පැමිණි ඒක් අවස්ථාවක් ලෙස එය හදුන්වා දිය හැක. ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ චෝදනාවට මූලික පදනම වී ඇත්තේ පාදුක්ක පොලිස් ස්ථානයේ සිටි ස්ථානාධිපතිවරයා මාරුකර යවා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට හිතවත් ස්ථානාධිපතිවරයෙක් අළුතින් පත්කිරීමයි. මේ ක්‍රියාවලියට පොලීසිය භාර ඇමතිවරයා ද ලොකුගේ ඇමතිවරයාට සහාය දැක් වූ බවටත් ඔහු චෝදනා කරනවා. නිදහසින් පසුව…
Read Moreතොරතුරු පනත නිසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වෙලා – කථානායක ලෝකයටම කියයි!
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, කෝප් කෝපා ඇතුළු ඇතැම් කමිටු මාධ්‍ය සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළ බවත් මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි ලා වැදගත් පියවරක් වු බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු එසේ පවසා සිටියේ සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනයේ සියවස් සැමරුම විශේෂ ආරාධිතයෙකු ලෙස එක් වෙමිනි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15) ඉන්දීය ලෝක සභාව විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන ලද සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) විශේෂ ආරාධිතයෙකු ලෙස එක් විය.…
Read Moreකොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!
එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යන අතර ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් මතු වෙන බැවින් එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. උන් වහන්සේ පවසන්නේ කොරෝනා වෛසරයට මුහුණදීම සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සමග දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම එක් කළ යුතු බවය. දේශීය වෛද්‍ය ක්‍රම මගින් වෛසරයට මුහුණදීම සදහා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකියාව ලැබෙන බව පැවසන රතන හිමියෝ ඒ සදහා දේශීය වෛද්‍ය ක්‍රමයට හා විකල්ප වෛද්‍ය ක්‍රමවලට අවස්ථාව ලබාදිය යුතු බවද සදහන් කරයි. උන් වහන්සේ පවසන්නේ එන්නත් දෙකම ලබාගෙන…
Read More