අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය. ඒමෙන්ම, සමහර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ කාලය තුළ යම් අතුරුදහන්කරවීම් සිද්ධි කිහිපයක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති බවට සදහන් කර තිබුනත්, එවා තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ. කෙසේ…

Read More

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!

දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සමීපතමයන් වෙනුවෙන් යුක්තිය  ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින්  මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන්  මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ ඊයේ ( 30)  දිනයේ විරෝධතා දියත් කර ඇත. සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ  මව්වරුන්  2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට  අද වන විට දින 1635 ක් සම්පුර්ණ වී තිබේ. මිය ගිය සමීපතමයන් සිහි කරමින් ඉටි පන්දම් දල්වා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලියන…

Read More

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

Adela sampath abduction is the beginning of disappearance Brito Fernando

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින් සැරසුණු 20ක පමණ පිරිසක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැදවුම්කරු  අසේල සම්පත්  පැහැර ගෙන ගිය බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ සිදුවූ එම බලෙන් රැගෙන යාම සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය ජාලා අවුලුවා ලීමත් සමග ක්‍රියාධරයා තමන් බාරයේ සිටින බව පොලිසිය විසින් අනාවරණය කරන ලදී. පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

Read More

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

mothers of the disappeared sri lanka

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සම්මත කරගන්නා ලද යෝජනාව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ප්‍රකාශ කර තිබියදීය. වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන නගරයේ පිහිටි  ඔරලෝසු කනුව තෙක් ගමන් කර  ආපසු කන්දසාමි කෝවිල තෙක් පැමිණ  මාර්තු 28 ඉරිදා…

Read More

“මගේ දරුවයි බිරිඳයි ආරක්ෂා කරලා දෙන්න” මාධ්‍යවේදී සුජීව ගමගේ

Journalists attacked in Sri Lanka Sujeewa gamage press conference

තම බිරිඳ හා දොළොස් හැවිරිදි දරුවාගේ ආරක්ෂාව සැලසීමට මැදිහත් වන ලෙස වධහිංසාවටත් පොලිසියේ තර්ජනයටත් ගොදුරු වූ මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ. පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී සිටීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ (CCD)  ප්‍රශ්න කිරීමෙන්ද පීඩාවට පත්වූ මාධ්‍යවේදී සුජීව ගමගේ ප්‍රකාශ කරන්නේ තමන්ට සිදුවූ අපරාධය ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස ඔහුගේ බිරිඳ නයනි ගමගේටද තර්ජනය කරන ලද බවයි. “වොයිස් කට දීලා තිබුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයි අනිත් එක ඔයාගේ මහත්තයාට එලියට එන්න හම්බ  වෙන්නෙත් නෑ,” යි CCD නිලධාරීන් ප්‍රකාශ කළ බව සාධාරණ සමාජයක්…

Read More

2015 ට පෙර පැවති යුගය නැවතත්?

Journalists attacked in Sri Lanka Sujeewa gamage

මීරිගම නගරයේදී ඉකුත් 10 දා සවස විකල්ප පුවත්පත් මාධ්‍යවේදියෙකු  පැහැරගෙන ගොස් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේ දමා යාමත් සමඟ නැවත සමාජයේ නොසන්සුන්තාවයක් මතු වෙමින් ඇත. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දඹදෙණිය, ලියන්විල පාර ප්‍රදේශයේ පදිංචි මහීම සුජීව ගමගේ නම් විකල්ප පුවත්පත් මාධ්‍යවේදියාය. මොහු 1987 සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයෙකු වන අතර යුක්තිය පුවත්පතේද හිටපු මාධ්‍යවේදියෙකි.  දැනට පෙරලිය හා යුගය පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මොහු සියරට හා පතුල නමින් මුහුණු ‌පොතේ පිටු දෙකක්ද පවත්වාගෙන යන්නෙකි. ඉකුත් 10 වෙනිදා උදෑසන 6.30 -7.00 ත් අතර කාලයේ මොහු නිවසේ සිට මීරිගමට බසයෙන්…

Read More