පාසල් ගුරුවරු ගැන ජාතික පුවත්පතක පල වු ලිපියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිට ලිපියක්!

අයිතීන්  දිනා ගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටින මොහොතක රජයට අයත් ජාතික පුවත්පතක් ගුරුවරුන් පිළිබදව   අසත්‍ය පුවත් වාර්තා කිරීම ගුරු අරගලය සම්බන්ධයෙන්  වෛරී හැඟීමක් ඇති කරවන්නක් බව ගුරු සංගම් නායකයෝ  ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම වෙත අගෝස්තු 30 වැනි සදුදා ලිපියක් යොමු කරමින් ගුරු සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ සිළුමිණ පුවත්පතේ   අගොස්තු 29 වැනි ඉරිදා කලාපයේ මුල් පිටුවේ ‘‘ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන්  පදනම් විරහිත අසත්‍ය පුවතක් පළ වී ඇති බවයි. “කෝවිඩ්  රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල්…

Read More

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත අගෝස්තු 24 වැනිදා ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  පෙන්වා දී ඇත්තේ එම විරෝධතාවයට සම්බන්ධ වූ නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය   භාවිතා කරමින්  විරෝධතාවයට  සහභාගී වු බවයි. අගෝස්තු මස 03 වැනි දින කොතලාවල විශ්ව විද්‍යාල පනත් සංශෝධනයට එරෙහිව සිසු ජන ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් දියත් කළ අතර , එහිදී …

Read More

රටට ඩොලර් උපයන කම්කරුවන්ගේ ජිවිත ගැන වගකීම අද ඔවුන්ටම පැවරිලා – චමිලා තුෂාරී

රටට ඩොලර් ඉපයීම සඳහා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් කටයුතු කරන නමුත් අද වන විට ඔවුන්ගේ ජිවිත වල වගකීම ඔවුන්ටම දරා ගැනීමට සිදුව ඇතැයි ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ වසර එක හමාරක් පුරා සිය අයිතිවාසිකම් අහිමි කර ගනිමින් රටට ඩොලර් ඉපයීම සඳහා බරපතල අභියෝග වලට මේ වන විට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් ලක් වෙමින් සිටින බවය. මුලු රටම ලොක්ඩවුන් කළත් ඔවුන්ට ඒ් නිදහස අහිමිව ගොස් ඇති බව අවධාරණය කරන ඇය පවසන්නේ අද වන විට රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ ජිවිත වල…

Read More

ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?

ඉන්ධන අර්බුදයක් ගැන මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී ඇත. ආණ්ඩුව පවසන ආකාරයට ජනතාව කලබල වී ඉන්ධන පෝලිම් වල සිට ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා ඉන්ධන හිඟයක් ඇති වන බවටත් ඇමතිවරයාගේ නිවසේ සිදුවන ඉදිකිරිම් කටයුත්තක් පිලිබඳවත්  සිදු කළ අසත්‍ය පුවතක් නිසාය. ඔහු මෙලෙස අසත්‍ය පුවත් සමාජ ගත කිරිම නිසා ඊයේ (21) රාත්‍රියේ වැලිසර පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුනු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ආනන්ද පාලිත මහතාව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මුලස්ථානය සඳහන් කරන පරිදි ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වුයේ 08-19 වෙනි…

Read More