ඖෂධ අධිකාරියෙන් තවත් තුනක් ඉවත් වේ!

Three members of the National Drug Regulatory Authority resign

චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීම සදහා  ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත් පාර්ශවකරුවන් තිදෙනකු  ඉල්ලා අස් වී තිබේ. සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත වු  මෙම විශේෂඥ කමිටුවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්  විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ මෙලෙස ඉල්ලා අස් වී ඇත. ඉල්ලා අස් වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නතට අනුමැතිය ලබා දීමට තමන් විරුද්ධ වී තිබියදීත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සදහා අනුමැතිය…

Read More

මුව ආවරණත් ගැටලුක්?

issue of Face Mask Sri Lanka president gotabaya rajapaksa

මුව ආවරණ ගැන කොරෝනා පැමිණෙන තෙක්ම අවශ්‍ය වුයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටය. කොරෝනා පැමිණි පසු මුව ආවරණ මුලු රටටම අවශ්‍ය විය. එහිදී මුව ආවරණ ඉල්ලුම ඉහළ යාම නිසා විදේශයෙන් ආනයනය කිරීමටද සිදු විය. ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇත. එසේ ආනයනය කළ මුව ආවරණ සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇත. ඒ මෙරට මුව ආවරණ නිපදවීම නිසාය. මේ වන විට කර්මාන්තශාලා රැසක මුව ආවරණ නිෂ්පාදනය කෙරේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ පරිසරයට ඊළඟට බරපතල පාරිසරික ගැටලුවක් වන්නේ මේ මුව…

Read More

ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය ගැන සැකයක්?

ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය ගැන සැකයක්?

ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය, චීන ප්‍රතිශක්තිකරන එන්නත මෙරටට ගෙන්වීම සදහා ඇති ව්‍යාපාරික හදිසියක් නිසා සිදු වන්නක් ද යන්න පිළිබදව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පවසන්නේ ඖෂධ නියාමන අධිකාරිය මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඖෂධ ව්‍යාපාරිකයින් නියාමනය කරනවා වෙනුවට, ව්‍යාපාරිකයන්ගේ වුවමනාව සඳහා පවතින නීතිය යාමනය කිරීමට උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන බවය. හදීසියේ ලියාපදිංචිය දීමට උත්සාහ දරමින් ඇති චීන එන්නත, තුන්වන අදියරේ පරීක්ෂණ නොකරන ලද හෝ ඒ පිළිබද නිශ්චිත පරීක්ෂණ වාර්තා නොමැති එන්නතක් බව වාර්ථා වෙන බවත් ප්‍රතිශක්තිකරණ එන්නතක තුන්වන පරීක්ෂණ අවධිය යනු ආරක්ෂාව…

Read More