පාසල් දරුවන්ට සාධාරණය ඉටු වන්න අධිකරණයකටම යා යුතුද ?

අතීතයේදි ගුරුවරුන් සැලකූයේ මිහිපිට දෙවිවරු ලෙසිනි. අම්මා, තාත්තාට පසු ජිවිතය කියා දෙන්නේ ගුරුවරුන්ය. නමුත් වර්තමානයේදී ඇතැම් ගුරුවරුන් ක්‍රියා කලාප නිසා මේවන විට දැඩි පීඩාවට පත්ව ඇති දරුවන් බොහෝය. මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට8 පෙරේදා  (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට  ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කළ පුවතක් ලංකාදීප පුවත්පත මඟින් වාර්තා කර තිබුනේය. එම පුවතට අනුව අදාළ වන්දි මුදල්, නියෝග ලබා…

Read More

“අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක” – කුමුදු කුමාරසිංහ (රංගන ශිල්පිනී)

child abuse in sri lanka

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා. මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා, මට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ වගේ ලොකු වටිනාකමක් දෙනවද කාන්තා ප්‍රශ්න වලට ඔවුන්ගේ ගැටලුවලට ඊළඟට ළමයින්ගේ ප්‍රශ්නවලට. නැහැ. අපිට සමාජයක් විදිහට හරිම අඩු අවධානයක් තමයි මේ සම්බන්ධයෙන් තියෙන්නේ. අපි මෙහෙම හිතමු, අපි…

Read More