රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!

weli

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන්  ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක  23 වැනිදා නිරතවූ ඇමැතිවරයා  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවූ විට ඔවුන් ප්‍රශ්න කර සිටියේ  “රාජපක්ෂ පවුලේ සමීපතමයන්“ යැයි පවසා පරිසර හානි පමුණුවමින්, නීති විරෝධී ලෙස වැලි හැරීමේ නිරත පුද්ගලයන් ගැනය. අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ හා පරිසර ඇමැති මහින්ද අමරවීර ගේ හිතවතෙක් ලෙස අඟවමින් හම්බන්තොට පදිංචිකරුවකු වන ජානක සමරසේකර නමැත්තෙක් මඩකලපුව ප්‍රදේශයේ  නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් වැලි හාරන බවට චෝදනා එල්ල…

Read More

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

kins nelson

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “රජයේ වගකීම තමයි රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ව්‍යාපාරිකයාත් ආරක්ෂා කර ගන්න එක.  අද ඒ එකක්වත් මේ ආණ්ඩුවෙන් වෙලා නෑ. අද වැඩියෙන් ම බැට කන්නේ…

Read More

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

namal rajapaksha

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව අතර තුර කදුරුවෙල සංහිදියා පාසලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ ගොවීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවේ දී ය. එහි දී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැක්වූ අදහසට විරෝධය පළ කළ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය…

Read More

වරාය / ගුවන්තොටුපල ළඟ නිසා ලැබෙන ෆයිසර් !

ෆයිසර් එන්නත් හම්බන්තොටට ලබා දීම ගැන මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊට විරෝධය පළ කර තිබුණි. ඒ් අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ මේ සිදු වෙන දේවල් ඔහුවත් නොදන්නා බවකි. මෙයට කෙලින්ම චෝදනා එල්ල වුයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටය. ඔහු හමුදාව ලවා හොඳම එන්නත හම්බන්තොට තරුණ තරුණියන්ට ලබා දෙන බව පැවසුණි. නමුත් ඔහුද කියා තිබුණේ තමන් ඊට  සම්බන්ධ නැති බවත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක් මත සිදු වුවක් බවය. මේ අතර රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙයට අපූරු පිලිතුරක් සපයා…

Read More

හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත් කරණය වෙනුවෙන් ෆයිසර් එන්නත් තොගයක් ලබා දී ඇත. ෆයිසර් එන්නත් භාරව ඇත්තේ මේ වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවය. අවදානම් අයට දෙන්න ෆයිසර් නැහැ . මෙම එන්නත් තොගය  ලබාදීම ඉතා අවිධිමත් සහ විද්‍යානුකූලභාවයකින් තොර බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. ලංකාවට ලැබී ඇති ඇස්ට‍්‍රසෙනිකා සහ ෆයිසර් එන්නත් ප‍්‍රමාණය ඉතාමත් සීමිත බැවින් සාමාන්‍ය…

Read More