මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

myanmar military government and sri lanka

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට…

Read More

මියන්මාර් බියකරු හමුදාවට එරෙහි අරගලයේ සුන්දරත්වය හා විමුක්ති ගීය

මියන්මාර් බියකරු හමුදාවට එරෙහි අරගලයේ සුන්දරත්වය හා විමුක්ති ගීය

බර්නාඩ් එදිරිසිංහ “හමුදා කුමන්ත්‍රණය පිළිගන්න එපා. ඔවුන්ගේ පාලන තන්ත්‍රයට දායක වෙන්න එපා,” යි මින්කුනායි තංහං විසින් කරන ලද ඉල්ලීම වත්මන් මියන්මාර් හමුදා පාලනයට දේශීය වශයෙන් එල්ලවී ඇති දැවැන්තම අභියෝගය වන හමුදා විරෝධී දේශපාලන රැල්ල නිර්මාණය වීමට හේතු වුණා. හමුදා පාලනයට විරෝධය පළ කිරීමක් ලෙස සිවිල් නිතී කඩ කරන්නැයි ද මින්කුනායි තංහං ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීමට මේ වන විට තහංචි මධ්‍යයේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ 250,000 වැඩි පිරිසක් සිය  සතුට පළ කර ඇතැයි වාර්තාවේ. පනස් අට හැවිරිදි මින්කුනායි තංහං අවු සං සුචි ළඟට දේශපාලන වශයෙන් ජනප්‍රිය චරිතය හා ඇයගේ…

Read More

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

Democracy in Myanmar

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…

Read More

මියන්මාරය යලිත් හමුදාව අතට!

Myanmar returns to military rule aung san suu kyi

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන්ට අද (01) අලුයම දැනුම් දී ඇත. එමෙන්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් එහි අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්  ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරා ඇතැයිද වැඩි දුරටත් ඔවුන් දන්වා ඇත. අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල…

Read More