අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!

Plantation workers fight against unfair conditions

අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ වතු හාම්පුතුන් විසින් හදිසියේ ඉහල නංවා ඇති දෛනිකව තේ දළු ප්‍රමාණය නෙළිමට නොහැකි වුවහොත් වැඩ කරන දින ගණන සීමා කරන බවට වතු කළමණාකරු විසින් ලිඛිතව දන්වා ඇති බවයි. දිනකට එක් කම්කරුවකුට තේ දළු කිලෝ විස්සක  ප්‍රමාණයක් නෙලීමට නොහැකි වුවහොත් සතියකට වැඩ කිරීමට ලබා දෙන්නේ  දින තුනක් පමණක් බවට වතු කළමනාකරු විසින් කම්කරුවන්ට ලිඛිතව දැනුම් දී…

Read More

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  

Social recognition for plantation workers

ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක සේවිකාවන්ට සමාජයේ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් නමුත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ කිසිදු කම්කරුවෙකුට සමාජ පිළිගැනීමක් ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියි. නීතිඥ දුලාන් දසනායක ඇතැම් විට මොවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකි බව වතු හාම්පුන් සිතනවා විය හැකි බවද හෙතෙම පවසයි. පොලිස් ප්‍රචණ්ඩත්වයේදීද වැඩි…

Read More

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!

Plantation workers' struggles in sri lanka

කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින්  උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක්  ජුලි 15 අගහරුවාදා  උදෑසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස දී  විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන්  ගණනාවක් හමු විම නිසා මැයි 21 දින සිට හුදකලා කර තිබු එම වතු යාය අද උදෑසන සිට විවෘත කර තිබේ. හුදකලා බව ඉවත් කළ සැනින් විරෝධතා පැවැත්වු වතු කම්කරුවන් අවධාරණය කර ඇත්තේ හුදකලා කරන ප්‍රදේශ…

Read More

වතු ආර්ථිකය කඩා වැටිලා නෑ ඒක බොරුවක්!    

plantation economy of Sri Lanka tea estate workers

චතුර සමරසිංහ ලේකම් වතු සේවා සංගමය කාලෙකදි ලංකාව ලෝකයම අදුරගත්තේ වතු ආර්ථිකයත් එක්ක. ඒ කාලේදී ලංකාවේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ලැබුණේ වතු ආර්ථිකයෙන්. ඒක අද වන විට සෑහෙන පහත වැටිලා තියෙන්නෙ. මේ වතු ආර්ථිකයේ කඩා වැටීම ගත්තොත් ඇත්තටම වතුවලට මොකද වෙලා තියෙන්නේ? අපි 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන යුගය වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 90% ක් ලබා දුන්නේ වතු ක්ෂේත්‍රය. නිදහසෙන් වසර ගණනකට පස්සේ අද වුනත් මේ තරම් හැල හැප්පීම් මැද පවා අපේ රටේ සමස්ත අපනයන අදායමේ විශාල පංගුකරුවෙක් වෙන්න වැවිලි කර්මාන්ත අංශයට හැකි වෙලා තියෙනවා. අදත් සමස්ත අපනයන අදායමෙන්…

Read More

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!

vadivel suresh state workers plantation workers rs.1000 struggle

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න බැරිද? මොකක්ද එහි තත්ත්වය.. ඇත්තටම ලංකාවෙ ජීවන වියදම අනුව බලනකොට රුපියල් දාහක් කියන්නේ සාධාරණ මුදලක්. දැන් තියන බඩු මිල අනුව බැලුවම. රජයේ අයවැයක් ඉදිරිපත් කරන කොට, යෝජනාවක් ඉදිරිපත් කරනකොට, ඒ අවශ්‍ය සැලසුම් ඔක්කොම කරලා මුදල් වෙන් කරලා තමයි කියවන්නෙ. එතකොට ඇත්තටම දේශපාලන පොරොන්දුවක් හැටියට ජනාධිපති මැතිවරණයේදී 2019 නොවැම්බර් මාසය වෙනකොට අතිගරු ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ඉදිරියට…

Read More

වතු කම්කරුවන්ගේ සටන ජයගනියි!

struggle of the plantation workers wins

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම  පසුගිය වසර පහක කාලය තුළදී  ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…

Read More

රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!

185 petitions from estate employers against Rs. 1000 increase!

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…

Read More

Vadivel Suresh | බයිබෝස් දාන්න ගිහින් බෙල්ලයි මිරිකන්නෙ

Read More

වතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!

The 1,000 rupee hartal in the plantation areas is a success

දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම  උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී,  වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා  වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…

Read More

වතු ජනතාවගේ ප්‍රශ්නයට එකම විසඳුම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි!

solution to the problem of the plantation community is to provide education

චාමර නානායක්කාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොණරාගල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලකයෙක් විදිහට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දිහා බලන්නේ කොහොමද? විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි ද්විත්ව පුරවැසිභාවය හා අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ කාරණය. මෙතනදි ආණ්ඩු පස්සේ මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුව විවේචනය කිරීමක් නෙමෙයි මං කරන්නේ. නමුත් ජනාධිපතිවරණයෙදි අපට ඡන්දය ලබා දීපු, අපි මේ තත්ත්වයට පත් කරපු, ඒ ඒ බුද්ධි මට්ටම් වල ඉන්න මිනිස්සුන්ගේ අදහස උකහා ගන්න ඕනෑ කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒක…

Read More