ජාතික රූපවාහීනිය පාඩු ලබයි –  ජනමාධ්‍ය ඇමති කියයි.

National Television incurs losses Media Minister

මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස මෙය ලැබුණි. ජාතික අනන්‍යතාවය රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනී නාලිකාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟ‍ා කරවීමට බලාපොරොත්තු වන…

Read More

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

ruwan wijewardene Statement sirasa media attack

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා…

Read More

බංකොලොත් රූපවාහිනියෙන් වැඩක් ගනිමු\දරුවන්ට අධ්‍යාපනය දීම සඳහා වෙන්කරමු… – කේ. සංජීව

Sri Lanka Rupavahini Corporation online education

මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු  සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්‍රවේශවීමට තිබෙන නොහැකියාවය. මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක සිග්නල් තිබුණත් ඩේටා ගන්න දුප්පතුන්ට සල්ලි නෑ. ඊළඟට ගමේ දුප්පතුන්ට තවමත් ස්මාට් ජංගම දූරකථන නැතිවීමත් ප්‍රධාන ප්‍රශ්නයක්. සමහර ගෙදරකට තිබෙන්නේ එකම එක ස්මාට් දූරකථනයක් විතරයි. හැබැයි ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එකම වෙලාවේ දරුවන් දෙදෙනෙකුට…

Read More

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

Sri Lanka Easter Sunday Attacks Keheliya Rambukwella Ashoka Abeysinghe

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම් සදහන් කරමින් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කළ ප්‍රකාශය තහවුරු කළ හැකි සාක්ෂි නොපමාව ඉදිරිපත් කොට සැඟවුණු සත්‍ය සොයා ගැනීමට උපකාර කළ යුතු යැයි ඊයේ (11) කුණ්ඩසාලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.…

Read More

“පුරවැසි මූලික ජනමාධ්‍යයකට” ආණ්ඩුව ජනතා අදහස් විමසයි!

Sri Lanka Press Council Ministry of Mass Media

ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ පහලම අඩියකට වැටී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පුරවැසි මුලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් යැයි පවසමින් ජනතා අදහස් විමසා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් විසින් පෙබරවාරි 7 ඉරිදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය “ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම බලාපොරොත්තුව” බවයි. එය “පුරවැසි මූලික” වන්නේ කෙසේදැයි දක්වා නැත. ඒ සදහා වර්තමානයේ පවතින පනත…

Read More

සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති

Keheliya Rambukwella Media and Information Minister

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පවසා තිබූ බව මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. අමාත්‍යවරයා පවසා තිබුනේ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළ යුතුයි කියලා අපේ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණපොතවල් වල සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපි අමාත්‍යාංශය…

Read More