ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

Geneva Resolution on Sri Lanka UNHRC

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම වෙනම දෙයකි. නමුත් යෝජනාව සම්මත වීමෙන් පසු ලංකාවේ විදේශ ඇමතිවරයා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදින් හමුවේ මෙවන් ප්‍රකාශයක් කිරීම රාජ්‍යයම විහිළුවට ලක් කිරීමකි. ඔහු මීට පෙර මියන්මාරයේ හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාට නිල ආරාධනයක් කර බරපතල අප්‍රසාදයකට ලක් විය. විදේශ ඇමතිවරයා හැම විටම රාජ්‍ය නායකයාට ඉතාම සමීප අයෙක් වන අතර ජාත්‍යන්තර තලයේදී රාජ්‍යය නියෝජනය කරන යාන්ත්‍රණයේ ප්‍රධානියාය.…

Read More

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබුණු බලය : සුනන්ද දේශප්‍රිය

michelle bachelet Geneva Resolutions Against Sri Lanka

ජීනිවා වලට වසන්තය ඇවිදින් වුණත් මේ වන විට ශ්‍රී  ලංකා ආණ්ඩුවට නම් වසන්තය පැමිණ නැතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවු අයුරින් ඡන්ද 22 ක් ලබා ගනිමින් ජීනිවා යෝජනාව ජයග්‍රහණය කළ නිසා බවත් මෙය ශ්‍රී ලංකාවට අඩුවම ඡන්දය ලැබුණු අවස්ථාව වන බවත් මෙරටට පක්ෂව ඡන්දය ලැබුණේ ඒ්කාධිපති රටවල් වලින් පමණක් යැයිද ඔහු පවසයි. පෙබරවාරි 22 දා යෝජනාව එළියට පැමිණි පසු නිල නොවන සාකච්ඡා වට 04 ක් පැවැත් වූ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙහිදී සියලුම මානසික කවුන්සිලය නියෝජනය කරන රටවලට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබු අතර…

Read More

මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබුණු බලය | Sunanda deshapriya | Geneva

Read More

ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.

Resolution against Sri Lanka in the Geneva Human Rights Council Dinesh Gunawardhena

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි  යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි.  ඒ අනුව වැඩි ඡන්ද 11 කින් එම යෝජනාව සම්මත වී තිබුණි. එදින ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  මොන යෝජනා සම්මත වූවත් අපේ ගමන දිගටම බවය. එමෙන්ම ඔහු ඉන් නොනැවතී මේ පිලිබඳ අද (25) පාර්ලිමේන්තුවේදීද කථා කළේය. ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය…

Read More

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

war crimes against protest in sri lanka

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට  යුක්තිය ඉටු කර දෙන ලෙස  ඉල්ලමින්  ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන්  යාපනයේ  ආරම්භ කළ උපවාසයට ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහයෝගය ලැබී තිබේ. යාපනය  නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට පෙබරවාරි 28 ඉරිදා  ආරම්භ කළ උපවාසය මාර්තු 23 වනදා තෙක්  අඛණ්ඩව පැවත්වීමට නියමිත බව සංවිධායකයෝ පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ. උපවාසය…

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!

Dinesh Gunawardena United Nations Human Rights Council

විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින්  විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…

Read More

දේශීය වශයෙන් මේවා ගැන හොයලා බැලුවනම් ජාත්‍යාන්තරයට යන්න අවශ්‍ය නැහැ! – රුකී ප්‍රනාන්දු (මානව හිමිකම් ක්‍රියාකාරික)

United Nations Human Rights Council Ruki Fernando

ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා මාර්ග විදිහට වෙනත් ප්‍රතිරූපයක් මවමින් ඉන්නවා. ඇත්තටම මෙම වාර්තාවේ සඳහන් කරුණු වල ස්වරූපය කුමක්ද? මෙහි දී අපි කතා කරනවා ජිනීවාවල තියෙන ප්‍රධාන ආයතන දෙකක් ගැන. පළමුවැන්න මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ රටවල් 47 කින් සැදුම්ලත් කවුන්සිලයක්. එම සංවිධානයේ එහි සාමාජිකයින් වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නේ රටවල්වල සිටින ආණ්ඩු. දෙවෙනි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…

Read More

ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත  කර ඇති යෝජනා කොයි තරම් දුරකට ක්‍රියාත්මක කර ඇත්ද යන්න විමසා බැලීමක් සිදු කෙරෙන බවද  ( දැනටමත් එ් වාර්තාව ඉංග්‍රිසි බසින් පළ වෙලා තිබෙනවා) ඒ් වාර්තාවට අනුව මහ කොමසාරිස්වරිය ලංකාව ගැන සතුටට පත් වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් යැයි ද…

Read More

Ruki Fernando | මේව යට ගහල තවත් අපකීර්තියට පත්වෙනවා

Read More

“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?

Sarath Weerasekera Michelle Bachelet United Nations High Commissioner

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත  වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව  ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි. එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා  පත් කිරීම ගැන  සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන්  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා…

Read More