සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!

Health sector on strike Ministry of Health

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පියවර ගන්නා ලදි. ඒ අනුව වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර තිබුණි. මෙම වෘත්තිය ක්‍රියා මාර්ග පිළිකා රෝහල්, මාතෘ රෝහල්, ළමා රෝහල් වල කිසිඳු අයෙක් සහභාගි…

Read More

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

Health staff ready for trade union action against authorities

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය හමුවේ රටේ ජනතාව ලක්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට නිශ්චිත සැලැසුමක් මත, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. සෞඛ්‍ය සේවාව එම අවශ්‍යතාව සදහා පෙළගැස්වීම වෙනුවෙන් ඉල්ලීම් හා යෝජනා 15 සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු…

Read More

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.

covid situation community health services in sri lanka

අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත රෝග මර්දනය කිරීමේ මූලිකත්වය ගනු ලබන්නෝය. ඔවුන් යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ආදී සියලු දෙනා සේවය කරනු ලබයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අනුව මේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් විවිධ වසංගතයන්, මාතෘ හා ළමා මරණ වැළැක්වීමට ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති පිරිසකි. අප වරක් හොඳම ළමා…

Read More

Rukshan bellana | පවිත්‍රා ඇමතිතුමිය ෆේල් කරුණාකරලා ඉවත්වන්න

Read More

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !

10 charges against the pavithra wanniarachchi rukshan bellana

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. ‘ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්’ යන ශීර්ෂයෙන් යුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි වෙත රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කරමින් මේ බව කියා ඇත. මෙහි පිටපත් ජනාධිපතිවරයා වෙතද යොමු කර ඇත. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ පවිත්‍රා දේවි වන්නිආරච්චි 2019 දෙසැම්බර් මස සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යවරිය  ලෙස මාස 16 කාලයක් කටයුතු…

Read More

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.

Health license for doctors vehicles Government Medical Association Forum

වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින් එක් ලක්ෂ පනස් දහසක් සිටින බවත් ඉන් බහුතරයක් සිටින්නේ බස්නාහිර පළාතේ බවත් පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ එසේ නම් බස්නාහිර පළාතේ වෛද්‍ය ලාංජන සහිත වාහන ගමන් කිරීමේ හැකියාවත් වැඩි බවය. අද පාලකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැටහීමක් නැති බවත් ඔවුන් සිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කියු විට වෛද්‍යවරුන් පමණක් සිටීතැයි සිතන බවත් නමුත් එය එසේ නොවන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ…

Read More

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?

Health sector on strike covid situation in sri lanka

කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ  වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය අංශ සිටින්නේ දැඩි අවදානමකය. ඔවුන් හට කොවිඩ් ආසාදිතයින් හා ගැටෙමින් කටයුතු කිරීමට සිදුව ඇත. එමෙන්ම පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීමට සිදුව ඇත. මේ සියලු කටයුතු වලින් පසුව ඔවුන් නිවෙස් වලට ගොස් දරුවන්, සැමියන්, මව්වරුන් සමඟ කාලය ගත කිරීමට සිදු වේ. මේ සියලු කරුණු වලදී අවදානමක් සෞඛ්‍ය සේවකයා වටා ඇත.  මෙහි ආසන්නතම සිදු වීම වාර්තා වුයේ…

Read More

අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Dr Rukshan Bellana covid Government Medical Officers Forum

කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන, ඖෂධ නියාමන අධිකාරියේ පාලිත අබේකෝන් වැනි අයට නිසි ඇගයීමක් නොදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමේ විපාක / සාපය අද මේ අත්විඳීමට සිදුව තිබෙන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔවුන්ව පැත්තකට කළේ කුමන හේතුවකටද යන්න අදටත් අදහාගත නොහැකි බවත් දැන් හෝ ඊට හේතු දැක්විය යුතු බවද ඔහු රජයෙන් ඉල්ලා සිටියි. මෙරට…

Read More