සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

ruwan wijewardene Statement sirasa media attack

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා…

Read More

අලුත්ම “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලැයිස්තුවේ ජනාධිපතිට තැනක්!

Gotabaya Rajapaksa reporters without borders

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ. පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ අවුරුද්ද සඳහා සම්පාදනය කරන ලද නාම ලේඛනයේ සිටින රාජ්‍ය නායකයන් 37 දෙනා අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇතුලත් වී සිටී. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ කරන ලද ක්‍රියා හෝ දැන් ජනාධිපති ලෙසින් කරගෙන යන කටයුතු නිසා හෝ බියවැදී සිටින ජනමාධ්‍ය වේදීන් “රැකියාව කරනවාද, නැතිනම් පන රැකගන්නවාද” යන භයංකර උභතෝකෝටිකයට මුහුණ දී…

Read More

මළමිනී සොයා ගෙන යන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ!

ethics of media freelance journalist Chandana Sirimalwatte

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දැන් ලංකාවෙ ජන මාධ්‍යය භාවිතය පිළිබඳ ප්‍රබල විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඝාතනයක් හෝ සමාජ සංවේදී සිදුවීමකදී මාධ්‍යය හැසිරෙන ආකාරය බොහෝවිට ගැටලු සහගතයි. ඔබ මේ විවේචන ගැන දරන අදහස මොකද්ද? ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් මම බොහෝ වතාවල අදහස් දක්වලා තියෙනවා. මේ මෑතකදී තරුණියක් ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යය හැසිරුණ ආකාරය පිලිබඳ නොයෙක් අදහස්, විවේචන පළ වුණා. තවමත් මළමිනී සොයා ගෙනයන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. මේක මේ පලවෙනි සිදුවීමත් නෙවෙයි. අවසාන සිදුවීමත් නෙවෙයි කියන දෙය අපි දන්නවා. ඇතැම් අවස්ථාවල සේයා සදෙව්මි සිදුවීම වගේ අවස්ථාවක් ගත්තොත් මාධ්‍යය මොන…

Read More

මළමිනී ඔසවාගෙන යන අපේ මාධ්‍ය සංස්කෘතිය | Chandana Sirimalwatte

Read More

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය බියගැන්වීමක් – මාධ්‍ය එකමුතුව

President Gotabaya Rajapaksa media organisations

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා  ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා කළ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් දීර්ඝ විවේචනයක් සිදු කරන ලදි. මෙම විවේචනය සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සංවිධාන යන එකතුව මගින් කියා සිටින්නේ මාධ්‍ය  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මාධ්‍යට බරපතල අනතුරු ඇඟවීමක් බවය. මාධ්‍ය නිදහස යනු මාධ්‍යය හිමිකරුවන්ගේ නිදහස නොවන බවටත්…

Read More

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති

Gotabaya Rajapaksa media freedom in sri lanka

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියන්ට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවද ඒ මහතා කියයි. තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිඳු බලපෑමක් කර නැතැයිද  විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පවසයි. ඔහු මේ…

Read More

පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!

Mawbima newspaper Headlines media ethics

අද ජාතික පුවත්පත් සියල්ල පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත් කර තිබුණේ ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමක රුපියල් කෝටි 100 ක් ඇති පුවතය. එම පුවතට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධාන ගිණුමකට වසර 4 ක් පුරා රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් බැර වීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඩුබායි සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රහීම් නැමැත්තා විසින් මෙම මුදල් මෙලෙස වරින් වර බැර කර ඇත. මොහුගේ ගෝලයන් දෙදෙනෙකු කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පහුගිය 2020 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ අනුව මෙම තොරතුරු අනාවරණය…

Read More

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!

WellaWeediya crime media ethics in sri lanka

රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට ගෙන ගොස් ඇත. කොරෝනා නිසා ඒ්කාකාරී පුවත් වලින් හෙම්බත් වී සිටි ජනමාධ්‍යට දිලිනිගෙත් ප්‍රේමසිරිගේත් කථාව උත්තේජනයක් වුවේය. ඔවුන්ට එය මාස ගණනක් පුරා හප හප රස කරන්නට පුලුවන් මාතෘකාවක් විය. මෙම දෙදෙනාම දැන් මිය ගොස් අවසන් වුවත් ජනමාධ්‍ය දැන් කරන්නේ ඔවුන්ගේ මරණ යළි යළි ඝාතනය කිරීමය. ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පල වන පුවත්, ඒවායේ සිරස්තල ,…

Read More