ඇතැම් ආයතන වල යළි ගැබිණි මව්වරු සේවයේ යොදවයි!  

Employs pregnant mothers sri lanka covid situation

රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිවීම නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවයේ නියුතු ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට රජය පසුගියදා ගත් තීරණය මේ වනවිට ක්‍රියාත්මක නොකරමින් සේවිකාවන් සේවයට කැදවීමට ඇතැම් රාජ්‍ය අංශ ප්‍රධානින් ගෙන තිබෙන තීරණයට රාජ්‍ය ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයන් සිය අප්‍රසාදය පලකරති. රට තුළ සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම නිසා රජය මඟින් වහාම දරු ප්‍රසූතියට සූදානම් වන ගැබිණි මව්වරුන් සේවයට නොකැදවන ලෙස තීරණය කරමින් චක්‍ර ලේඛණ නිකුත් කලත් රාජ්‍ය ආයතවල ප්‍රධානීන් මේ වනවිට ගැබිණි මව්වරුන් නැවත සේවයට කැදවීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානම් තත්වයට පත්වි…

Read More

පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!

government represses health staff president gazette

මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති  එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයයි. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. එසේ තිබියදී, සෞඛ්‍ය බලධාරීන් අබිබවා යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති කොවිඩ් මර්දන අධිකාරියේ ප්‍රධානී යුද හමුදාපති…

Read More

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

President Gotabhaya Rajapaksa has issued a special gazette

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් සහ සීමාසහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියළුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත. ජුනි 07 දා අවසන් වීමට තිබු සංචරණ සීමා ජුනි 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණේද…

Read More

ජනාධිපතිතුමනි, පෞද්ගලික අංශයේ සිටින ගැබිණි මව්වරුන්ටත් අවධානය යොමු කරන්න!

Pregnant mothers in the private sector covid situation

කොවිඩ් තෙවැනි රැල්ල ලෙස ව්‍යාප්ත වන නව වෛරස් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට ඉතාම අනතුරුදායක බව මේ වන විට මුලු රටම දන්නා කරුණකි. ඊයේ (09) වන විට මෙරට කොවිඩ් ආසාදිතව ගැබිණි කාන්තාවක් ගාල්ල – කරාපිටියේදී මිය ගියාය. ඒ අනුව මෙරටින් ගැබිණි මව්වරු දෙදෙනෙකුගේ මරණ වාර්තා වී ඇත. සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 150 කු පමණ සිටියි. එසේම කොවිඩ් ආසාදිත බිළිඳුන්  70 ක් පමණ ද සොයිසා රෝහලේ සිටියි. පවතින තත්ත්වය හමුවේ ගර්භණී මව්වරුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම තාවකාලිකව නතර කිරීමට …

Read More

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රැකියා වල නියුතු ගර්භණී මව්වරුන්ට අඩු සැලකිලි?

Pregnant mothers working in the face of new Covid strains

ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ වන විටත් කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නි‍ර්දේශ කර ඇති බැවින් ඔවුන්ට එන්නත ලබාදීම සුදුසු බව ද එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කර ඇතැයිද එහි වැඩිදුරටත් වාර්තා…

Read More