අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Mahara detainees not released on bail - Prisoner Rights Protection Committee

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී  රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…

Read More

මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම්!

Influence on witnesses in Mahara prison case

මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන් සිටීමට සිදුව ඇත්තේ මිනීමරු නිලධාරීන්  සමඟ බවත් ඔවුන්ට අවම වශයෙන් මේ වනතුරු ස්ථාන මාරුවක්ද ලබා දී නොමැති බව ඔහු පවසයි. මේ වන විට මහර රැඳවියන්ට පහර දෙමින්, ආහාර පාන නොදී ඔවුන්ට මෙහෙම කියපන්, මෙහෙප කියපන් කිය කියා අඩත්තේට්ටම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කිහ. විමල් වීරංශ කියු පෙති කථාවම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු…

Read More

බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!

Correctional service for prison officers

බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව නිසා මානසික අසහනයට පත් වුවෝ වෙති. තරඟ විභාගයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව හිමි කරගන්නා මොවුන්ට පුහුණු කිරීම්, උසස් වීම් ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොතිබිම නිසා මේ කිසිඳු කාර්යයක් ක්‍රමානුකූලව මෙතෙක් කාලයක් සිදු වී නොමැත.  ඔවුන්ගේ ගැටලු පහුගිය කාලය පුරාම පැවතිණි. විවිධ ගණයේ රැඳවියන් හා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියා දිරි…

Read More

සිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්‍රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!-සුදේශ් නන්දිමාල් (ලේකම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව)

Read More

මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!

mahara prison mosque

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත. එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත්  සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත. කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස…

Read More