රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි.

බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් හා දඬුවම් ලබන සිරකරුවන් ලෙසිනි.

රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයෙකු නම් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදීම වදහිංසනයට ලක් වේ. එමෙන්ම අධිකරණයෙන් දඬුවම් නියම වී බන්ධනාගාර ගත කරන සිරකරුවාද බන්ධනාගාර ගත කරන අවස්ථාවේම වදහිංසනයට ලක් වේ. එසේ කෙරෙන්නේ බන්ධනාගාරය තුලට ඇතුලත් කිරිමට සිටින නිලධාරියාගෙනි.  ” උඹේ නඩුව මොකද්ද? ” කියා විමසන ඔවුන් ඇඬුවත්, සිනාසුනත් කම්බුලට පහරක් දී යැවීම අද සාමාන්‍යකරණය වී ඇත.  ඇතැම් නිලධාරීන් පොලු වලින් පහර දෙන අවස්ථාද ඇත.

රැඳවියා බන්ධනාගාර ගත වන පළමු රාත්‍රියේම ඇතැම් විට නිදා ගැනීමට පවා අවස්ථාවක් නොලැබෙන අතර ඔහුට මැදිරිය තුල සිටිමට සිදු වන්නේ සිටගෙනමය.

රැඳවියා බැලීමට අමුත්තන් පැමිණි විටද ඔහුට සිදුවන්නේ වදහිංසනයකි. ඇතැම් විට නිවසින් ගෙනෙන ආහාර පවා ඔහුට ලැබෙන්නේ නැත. එමෙන්ම බන්ධනාගාරය තුලදී රැඳවියන් ආහාර පාන වලදි පවා වදහිංසනයට ලක් වේ. වැලිකඩ කාන්තා අංශයේ රැඳවියන්ට දහවල් ආහාරය ලැබෙන්නේ පස්වරු 2.30 ත් පසු වී බවත් නැවත රාත්‍රි ආහාරය පස්වරු 5.00 ට පමණ ලබා දෙන බවටත්  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට දැන ගන්නට ලැබී ඇත.

බන්ධනාගාරය තුලදී රැඳවියන්ට අවශ්‍ය බෙහෙත් ටික, කාන්තා රැඳවියන්ට අවශ්‍ය සනිපාරක්ෂක ද්‍රව්‍ය පවා ලැබීම අවම මට්ටමක බව පවතින බවට තොරතුරු වාර්තා වී ඇත. රැඳවියෙකුට අසනීප වූ විට බන්ධනාගාර වෛද්‍යවරයා රැඳවියාව පරික්ෂා කර බලන්නේ ඉතාම අප්‍රසාදයෙනි.

විශෝධන ක්‍රියාවලිය

අද බන්ධනාගර තුල රැඳවියන් විශෝධනය කෙරෙන වැඩපිලිවෙලක් නැත. භාවනා වැඩසටහනක් කළ පලියට, සිංදුවක් කියු පලියට, නාට්‍යයක් කල පලියට රැඳවියෙකු විශෝධනය වන්නේ නැත. විශෝධන ක්‍රියාවලිය සිදුවිය යුත්තේ විධිමත්වය.

අද ඇතැම් රැඳවියන්ව භාවනා වැඩසටහන් වලට පවා ගෙන යන්නේ බලහත්කාරයෙන් වදහිසංනයට ලක් කරමිනි. එසේ නොමැතිව ඔහුට ස්ව කැමැත්තෙන්ම යා හැකි පසුබිමක් බන්ධනාගාර තුල සැකසෙන්නේ නැත.

එසේම යහපත් කල්ක්‍රියාවෙන් යුක්ත රැඳවියන්ගේ දඬුවම් කාලය අඩු කිරිමේ නියමිත ක්‍රියාපටිපාටියක් තිබුණද ඒ්වා නිසි ලෙස සිදු වන්නේ නැත. රැදවියන්ගේ නිවාස නිවාඩු වලදීද ඇත්තේ මෙම තත්ත්වමයමය. නිවාස නිවාඩු  සුදුසුකම් ලැබු රැඳවියාට නිවසට යාමටද බන්ධණාගාර නිලධාරීන්ට මුදල් ලබා දීමට සිදුව ඇත.

ඒ් නිසා මේ රැඳවියන්ව විශෝධන  ක්‍රියාවලියකට යොමු කිරිමට ප්‍රථම බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුව ඇත.

රැඳවියාගේ සන්නිවේදන අයිතිය

බන්ධනාගාර ආඥා පනත තුලම රැඳවියාට අවශ්‍ය සන්නිවේදන පහසුකම ලබා දිය යුතු බව ඇත. අතීතියේ නම් ඉහළම සන්නිවේදන ක්‍රමය වුයේ ලිපි ගණුදෙණුවය. වර්තමානය වන විට ඇත්තේ දුරකථන පහසුකම්ය. නමුත් බොහෝ විට දුරකථන පහසුකම් රැඳවියන්ට හිමි වන්නේ නැත. ඒ් ඔවුන් ඒ් හරහා අපරාධ කරන බවට චෝදනා කරමිනි.

නමුත් කළ යුත්තේ ජංගම දුරකථන  හරහා ජාවාරම් කරන්නේ නම් ඒ් ජාවාරම් ඇල්ලීමය. එසේ නොමැතිව ජංගම දුරකථන භාවිතය තහනම් කිරිම නොවේය. මේ ජාවාරම් කටයුතු සියලු රැඳවියන් කරන්නේ නැත. මෙය අනෙක් රැඳවියන්ට සිදු කරන අසාධාරණයකි.

එමෙන්ම රැඳවියන්ට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවය. බන්ධනාගාර තුලට මත්ද්‍රව්‍ය ගෙන දෙන්නේ බන්ධනාගාර නිලධාරින් හරහාය. ඒ බවට සාක්ෂි පහුගිය කාලය පුරා අත්අඩංගුවට පත් වු නිලධාරින් දෙස බැලිමේදි පෙනී යයි.  එසේ නොමැතිව රැඳවියා එළියට ගොස් ඇතුලට මත්‍ද්‍රව්‍ය ගෙනෙන්නේ නැත.

බන්ධනාගර ගත වදහිංසාව

බන්ධනාගාර ගත වන සෑම දෙනෙකුම වදහිංසනයට ලක් වීම බලාපොරොත්තුවෙන් බන්ධනාගාර ගත විය යුතුය. එසේම නැවත බන්ධනාගාරයෙන් එළියට ඒ්ම පිලිබඳවද අද ඇත්තේ අවිනිශ්චිත බවකි. ඊට හොඳම නිදසුන වන්නේ ඇප ලබා සිටි සැකකරුවන් පවා මහර ගැටුමේදි මිය යාමය.

මේ සම්බන්ධ අදාල වීඩියෝව –

Social Sharing
නවතම සාකච්ඡා