අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

Ahnaf Jazeem Navarasam Sri Lanka Young Journalists Association

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ  රදවාගෙන සිටින අහ්නාෆ් ජසීම් ට මීයකු සපාකා ඇති බව සිය සංගමය වෙත වාර්තා වී ඇති බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වෙත මාර්තු 29 දින යොමු කළ එම ලිපිය මගින් මාධ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ…

Read More

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!

WellaWeediya crime media ethics in sri lanka

රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට ගෙන ගොස් ඇත. කොරෝනා නිසා ඒ්කාකාරී පුවත් වලින් හෙම්බත් වී සිටි ජනමාධ්‍යට දිලිනිගෙත් ප්‍රේමසිරිගේත් කථාව උත්තේජනයක් වුවේය. ඔවුන්ට එය මාස ගණනක් පුරා හප හප රස කරන්නට පුලුවන් මාතෘකාවක් විය. මෙම දෙදෙනාම දැන් මිය ගොස් අවසන් වුවත් ජනමාධ්‍ය දැන් කරන්නේ ඔවුන්ගේ මරණ යළි යළි ඝාතනය කිරීමය. ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පල වන පුවත්, ඒවායේ සිරස්තල ,…

Read More

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

Democracy in Myanmar

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…

Read More

ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !

BBC-Sinhala

ශ්‍රී ලංකා ජනතාවගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා සවන් දෙමින් සිටි බීබීසී සිංහල සේවාව නොවැම්බර් මස 30 වන දින සිට හදිසියේම වසා දැමීමට තීරණය කර තිබේ. සතියකට අසන්නන් 833,000 සවන් දෙන මේ සේවය ලංකාවේ 87-89 භීෂණ සමයේදීත්, සිවිල් යුද සමයේදීත්, ජනතාවගේ, පීඩිතයාගේ වින්දිතයාගේ සිට තොරතුරු හුවමාරු කිරීමේ සමාජයට විශාල සේවයක් කළේය. සංදේශය අහිමිවීම ශ්‍රී ලංකා ජනතාවට විශාල පාඩුවකි. වර්තමානයේදී ද තොරතුරක නිවැරදි භාවය හා සත්‍ය තොරතුරු දැනගැනීමට සංදේශය හා සිංහල වෙබ් පිටුව පරිහරණය කරන විශාල පිරිසක් සිටියි. එක්සත් රාජධානියේ තිබෙන ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (The National Union of Journalists –NUJ)…

Read More

BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි

BBC Sandeshaya BBC Sinhala free media movement fmm

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති  හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට  තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති  BBC  වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනි මහත්මියගේ හා එහි…

Read More