GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

Amendment to the Prevention of Terrorism Act gsp+ sri lanka

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.” ශ්‍රී ලංකා රජය සිය…

Read More

ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Do not touch the freedom of speech and expression Journalists for rights

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මේ බව පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන මාධ්‍ය මර්ධන ක්‍රියාවලිය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමිනි. එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් කේ. සංජීව, ජයනි අබේසේකර හා නීතිඥ දුලාන් දසනායක  විසින්…

Read More