පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

Sri Lanka police torture Human Rights dulan dasanayake

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය. රටක් සංවර්ධනය වන විට පොලිස් ප්‍රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්‍රචණ්ඩත්වයේ අඩුවක්…

Read More

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Read More

161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik

Read More

ගත වූ මාස හයට මාධ්‍ය නිදහස සම්බන්ධ ගැටලු 58 ක් – FMM

press freedom in sri lanka Free Media Movement

මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට  මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව සිදුවීම් 24 ක්, නීතිමය කොන්දේසි 29 ක්, මාධ්‍ය ස්වාධීනත්වය සම්බන්ධ සිදුවීම් 01 ක්, මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රවණතා සිදුවීම් 01 ක්, ව්‍යුහාත්මක කොන්දේසි 03 ක් වශයෙන් මේ සිදුවීම් 58 වාර්තා වී ඇත. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාසිකව නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබයි.  මෙහිදී මාධ්‍ය නිදහසට, මාධ්‍යවේදීන්ට, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට එල්ල වූ බලපෑම්, හිරිහැර…

Read More

පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!

woman has died in Peliyagoda police custody

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක් බව ඇගේ ඥාතීන් ඒ බව පොලිසියට දන්වා සිටියද ඇයට ප්‍රතිකාර ලබා දීමට හෝ රෝහලකටවත් ගෙන යාමට  පියවර නොගත් නිසා ඇය මිය ගිය බවට ඇගේ ඥාතීන් පෑලියගොඩ පොලිසියට චෝදනා කර සිටියි. ඇගේ දියණිය පවසන්නේ අත්අඩංගුවේ පසු වු සිය මව පපුව රිදෙනවා කියා කෑ ගැසුවත් පොලිස් නිලධාරීන් එය නොතැකූ බවය. එක්වරම සිය මව බිමට වැටී මිය ගිය…

Read More

ශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!

Shakthika Sathkumara Fundamental Rights Petition

අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක්  විමසීම  ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ. “අර්ධ” නමින් මුහුණුපොතේ  පළ කළ  කෙටිකතාව හේතු කරගෙන තමා  අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ සදහන් කරමින් පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති, හිටපු පොලිස්පති සහ නීතිපතිට එරෙහිව ලේඛක ශක්තික සත්කුමාර  ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුනි. කොළඹ අලූත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 කාමරයේ නඩුව සිව් වැනි වරට ජුලි 15 වැනිදා  කැඳවීමෙන් පසුව වග උත්තරකාර පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම සදහා සති දෙකක් කල් ඉල්ලු බව…

Read More

පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!

Compensation for those killed in Peliyagoda police custody

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය. දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් කිසිදු චෝදනාවක් නොදන්වා නීති විරෝධීව අත් අඩංගුවට ගෙන තිබුනි. ඊට පසුදින ඔහුගේ බිරිද වෙත ලැබුනු දුරකථන ඇමතුමකින්…

Read More

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

Hambantota Port Police torture Investigations

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය පැමිණිල්ලක් හම්බන්තොට වරාය පොලිසියට කර තිබු අතර ඒ පැමිණිලි විමර්ශනයට තාරුක පොලිසියට ගොස් තිබුණි. ඒ අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව උප පොලිස් නිලධාරියෙකුට මෙම පුද්ගලයාව පෙන්වා ඇති අතර ඔහු පැමිණ මොහුට තොල පැලෙන්නට ගසා ඇත. පසුව පුටුවක්…

Read More

පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකුට පහර දෙයි.

පොලිස් police constable assaults two students

හම්බන්‌තොට වරාය පොලිසීයේ පොලිස්  කොස්තාපල්වරයෙකු කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට මහමඟදී පහර දීමක් සම්බන්ධව  අයිතිය වෙබ් අඩවියට වාර්තා විය. හම්බන්තොට, ගොඩවාය පදිංචි 16 හැවිරිදි පැහැසර සුදුසිංහ නැමැති දරුවා ඉකුත් 05 දා මිතුරෙකු සමඟ මිරිජ්ජවිල කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ශ්‍රමදානයකට  ගොස් පස්වරු 5.00 ට පමණ නිවස බලා පාගමනින් යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි හම්බන්තොට වරාය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයෙකු පැමිණ මෙම පහර දීම කර ඇති බව පැවසේ. අධික බීමතින්, සිවිල් පිට සිටි මෙම නිලධාරියා පහර දීමට පෙර මෙම දරුවන් ළඟට පැමිණ මුඛ ආවරණ ගලවන ලෙස තර්ජනය කර ඇත. නමුත් එහිදී ඔවුන් මුඛ…

Read More