වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?

wasantha

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ. නීතිපති විසින් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ තවමත් චුදිතයෙක් බව නීතිඥ සංවිධානයක් අවධාරණය කරයි. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට නීතිපති ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල…

Read More

අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

anuradahapura prison

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…

Read More

ළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.

Junior High Courts have been established due to the increase in child abuse.

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා මහාධිකරණ නමයක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම පවසන්නේ. ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන්  ජුලි 20 අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇය ඒ බව සඳහන් කළාය. මේ වන විට බත්තරමුල්ලේ සහ යාපනයේ  ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක්…

Read More

පෝට් සිටි පනතට මොකද වුනේ? – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විස්තරාත්මකව

What happened to the Port City Act? - Details of the Supreme Court decision

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවත් තවත් වගන්ති කිහිපයක් සදහා 2/3 විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන වගන්ති සදහා සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන අතර එකී සංශෝධනයන් ප්‍රකාරව සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද…

Read More

පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Sections of the Port City Act are unconstitutional Supreme Court rules

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..

Read More

අල්ලස් කොමිසම පවරන නඩු ඉල්ලා අස් කර ගන්නේ ඇයි?

Commission to Investigate Bribery or Corruption

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. ඩී. නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව  ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත දැනුම් දී තිබුණි. ඊට හේතු ලෙස ලෙස සඳහන් කර තිබුණේ  එම නඩුව ගොනු කිරීමේදී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බවය. ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා නඩුව ලබන 30 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි. මොහාන් පීරිස් මොහාන් පීරිස් යනු මෙරට 43 වන අග විනිසුරුවරයාය. ඔහු…

Read More

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!

Supervision of suspects magistrate in sri lanka

යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස්කර ඇති අතර එකී පනත් කෙටුම්පත  රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මීට පෙර මහේස්ත්‍රාත්වරයෙකු අදාල…

Read More

රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!

රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම පසු ගිය කාලය පුරා සිදු වුනු අතර එකී විභාගයේ තීන්දුව අද දින ලබා දෙනු ලැබිණි.

Read More