GSP + රටට අහිමි වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමකද?

katunayaka

යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත්  ඇඟලුම් ක්ෂේත්‍රයේ  පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවට ශ්‍රී  ලංකාවේ ප්‍රධාන අපනයන කරුවෝ පවසයි. ඔවුන් පවසන්නේ දැනට බ්‍රිතාන්‍යයෙන් පිටත, යුරෝපා සංගමයට පමණක් අපනයන සිදු කරන 90% ක් GSP+ සහනය භුක්ති විඳින බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්  ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා පාර්ලිමේන්තුව විසින්…

Read More

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

Amendment to the Prevention of Terrorism Act gsp+ sri lanka

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.” ශ්‍රී ලංකා රජය සිය…

Read More

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

fuel prices gsp+ sri lanka politics

ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් පවතින සැබෑ තත්ත්වය සම්බන්ධව කළ පළමු ප්‍රකාශය මෙය විය හැක. මින් පෙර සිදු කළ සෑම ප්‍රකාශයකින්ම කිය වුනේ කිසිදු අර්බුදයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බවත්, ඔවුන් ඉතාමත් හොදට රට පාලනය…

Read More

ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්

European Union against import restrictions

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් ප්‍රතිපත්තිය පිළිබදව හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණය පිළිබදව නිවේදනයක් නිකුත් කර තිබේ. එකී නිවේදනයෙන් පෙනී යන්නේ ඉහත තීරණ දෙකම යුරෝපා සංගමයේ කණස්සල්ලට හේතු වී ඇති බවයි. ඒ පිළිබද ශ්‍රී ලංකා රජයට කල අවවාදාත්මක නිවේදනයක් ලෙසද මෙම නිවේදනය හැදින්විය හැක. ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළද පොළ යුරෝපය බවට අවධාරණය කරන යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්ෂ 2018 හා 2019 තුළදී පමණක් යුරෝපය හා…

Read More