ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට

ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව  නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පවසා ඇත. එසේම ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.

Read More

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

ගෑස් එයි..

රී ලංකාවට ගෑස් නෞකාවක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයාසමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ද ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තම සහයෝගයලබාදීමට එකඟ වූ බවට ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Read More