ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක පණු කරඳ ශාකයක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලා සිටී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර දැනුම් දෙන්නේ පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයක් බවයි. “‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.” එම නිවේදනයේ…
Read MoreTag: Forest Department
හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක
වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ජනපති, අගමැති හා විපක්ෂ නායක නිජ භූමියේ ගොවීන් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත් ඉල්ලමින් ගොවි සංවිධාන 86 ක් ඒකාබද්ධව ජනවාරි 18 දින සුරියවැව, වල්සපුගල වැව් තාවුල්ලේ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. කිසිදු වගකිවයුත්තෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් සත්‍යග්‍රහයේ යෙදී සිටි ගොවීන් කිහිපදෙනෙකු විසින් ජනවාරි 20 බදාදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුවට බාර දෙන…
Read Moreමේ අලි මිනිස් ගැටුම ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ – බලහරුවේ සිරිසුමන හිමි
අපේ හාමුදුරුවෝ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සටන් කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද ? මෙම අලි මිනිස් ගැටුම නතර කිරීමට විසඳුමක් විදිහට ප්‍රථමයෙන් ම ගෙනාවේ අලි වෙඩිල්ල, ඒක අසාර්ථක වුණා වුණා. ඊට පස්සේ ගෙනාවා අගල් කැපීම එයත් අසාර්ථක වනවිට තමයි විදුලි වැට ගෙනාවේ. මේ වෙනකොට පේන්න තියෙන දේ තමයි ඒකත් අසාර්ථකයි කියන දේ. මේ ප්රශ්නය ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තාක් කල් අලියෝ ඉන්න ඉන්න තාක් කල් මේ අලි මිනිස් ගැටුම දිගටම පවතිනවා. මේකට හොඳම…
Read More