රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?

Nalaka Kaluwewa Director General of the Department Government Information

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදීය. නාලක කලුවැව මහතා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පළමු (i) පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වසර 10ක පමණ කාලයක් විවිධ තනතුරු දරා ඇති අත්දැකීම් සහිත නිලධාරියෙකි. ඔහු පසුගිය රජය සමයේදී වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කෙරුණි. පසුව 2020 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරේ ස්ථිර කෙරුනේ වත්මන් රජය…

Read More

මහනාහිමි ඉල්ලීම අනුව ජනාධිපතිගේ තවත් කමිටුවක්!

Gotabaya Rajapaksa Mahanayaka theros presidential commission

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පිරිස් ඇතැයි පවසන සංඝයා වහන්සේගේ ඉල්ලීමක් සම්බන්ධයෙන්  සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ බෞද්ධ උපදේශක සභාව මාර්තු 19 සිකුරාදා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එම  කමිටුව කඩිනමින් ස්ථාපනය  කළ බවයි. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති  බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී …

Read More

“ත්‍රිපිටක සංරක්ෂිත පනතක්” පාර්ලිමේන්තුවට

"ත්‍රිපිටක සංරක්ෂිත පනතක්" පාර්ලිමේන්තුවට

අනාගත පරම්පරා වෙනුවෙන්  ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සදහා “ත්‍රිපිටක සංරක්ෂිත  පනතක්” පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා theravada buddhism මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට පිළිගැනීමට ලක්වී ඇති හෙයින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමකි. 1956 වර්ෂයේදී 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිති කොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර ඇත. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2019 පෙබරවාරි 07 දිනැති ගැසට් නිවේදනය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කර ඇති අතර, එමගින් රජයේ…

Read More

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!

Non Governmental Organizations Government of Sri Lanka

වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් සදහා තාවකාලික රැකවරණ සැලසීම පිණිස උතුරු, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව  යන පළාත්වල තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කර ඇත. ඒ අතුරින් යාපනය, මුලතිව්, මඩකලපුව, කොළඹ හා මාතර පිහිටි රැකවරණ මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා 2018 වර්ෂයේ සිට Women in Need (WIN) සහ Jaffna Social Action Center (JSAC) යන රාජ්‍ය නොවන සංවිධාන…

Read More

“පුරවැසි මූලික ජනමාධ්‍යයකට” ආණ්ඩුව ජනතා අදහස් විමසයි!

Sri Lanka Press Council Ministry of Mass Media

ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ පහලම අඩියකට වැටී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පුරවැසි මුලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් යැයි පවසමින් ජනතා අදහස් විමසා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් විසින් පෙබරවාරි 7 ඉරිදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය “ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම බලාපොරොත්තුව” බවයි. එය “පුරවැසි මූලික” වන්නේ කෙසේදැයි දක්වා නැත. ඒ සදහා වර්තමානයේ පවතින පනත…

Read More

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!

Plans to provide riot control training to prison intelligence officers!

කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය ” ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය ”…

Read More

සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති

Keheliya Rambukwella Media and Information Minister

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පවසා තිබූ බව මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. අමාත්‍යවරයා පවසා තිබුනේ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළ යුතුයි කියලා අපේ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණපොතවල් වල සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපි අමාත්‍යාංශය…

Read More