පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

Police duties and media shows covid situation

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

national police commission C D Wickramaratne IGP

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ. තාරක ධර්මකීර්ති…

Read More

රජය භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් වුවත්, මේ ආණ්ඩුවත් එක්ක ඒක බෑ!

unsafe to be in government custody Attorney at Law Lal Wijenayake

එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය විසින් භාර ගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. පොලිස් අත්අඩංගුවේ එහෙමත් නැතිනම් රජයේ භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් බව අප සිතූවත් මේ වන විට එය මේ නව ආණ්ඩුවත් සමඟ වෙනස් වී ඇතැයි ඔහු කියයි. පොලිසීය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔවුන්…

Read More

Lal wijenayake | දැන් අධිකරණයේ කාර්යභාරය පොලීසිය බාර අරන්

Read More

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

Illegal police killings in sri lanka police Minimum power

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings)  අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම හේතු කොට ගෙනය.  ආයුධ පෙන්වන්න යද්දී එහි තිබූ ආයුධයකින් පොලීසියට පහර දීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඝාතනය සිදු වූවාය යන සුප්‍රසිද්ධ, කිසිදු අයෙක් පිළි නොගන්නා කතන්දරයක් මහජනයා වෙත ඉදිරිපත් කරමින් පොලීසිය මොවුන් දෙදෙනාගේ…

Read More

අපරාධයකට ගොදුරු වූ බව නොදන්නා වින්දිතයින් පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා!

National Authority for the Protection of Victims of Crime and Witnesses Director General

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සමාජයේ අපරාධ ඉහළ යමින් ඇත. මේ අපරාධ වලට බලපාන්නේ මිනිසුන්ගේ හැසිරීම් රටාවය. යම් අපරාධයක් සිදු වූ පසු ඒ් ගැන පසුතැවෙනවාට වඩා අපරාධයක් අප වළක්වා ගන්නේ කෙසේද? යන්න අවධානය යොමු කළ යුතුව ඇත. මේ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සමඟ අයිතිය වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක් මෙසේ පළ කෙරේ. සමාජයේ අපරාධ වැඩි වන්නේ ඇයි? අපරාධ පිලිබඳ ප්‍රශ්නය දියුණු රටවල, සංවර්ධනය වෙමින් පවතින රටවල හා නොදියුණු රටවලත් ආදී සෑම රටකටම පොදුවේ බලපාන ගැටලුවක්.…

Read More

හිස සුන් තරුණියකගේ සැඟවූ ආත්මය!

WellaWeediya murder crime in sri lanka

ලංකාවේ සමාජ ව්‍යාපාරයන් හී නියැලෙන බොහෝ ස්ත්‍රීහූ සොඳුරු ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් අය නොවෙති. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට, අත්දැකීම් වලට මුහුණ දෙමින්, ඒ හරහා ලැබූ පන්නරය හරහා තමන්ගේ සමාජ ස්ථාවරයන්, මතවාදයන්, සාදාගත් අය වෙති. සමහරු අධ්‍යාපනය අවියක් කරගනිමින් ඉදිරියට පැමිණි අතර, සමහරු දේශපාලන ව්‍යාපාරයන්ට ද, සමහරු දේශපාලන පක්ෂවලටද, සම්බන්ධව ක්‍රියාත්මක වේ. සමහරුන් විවාහ වී කුටුම්භයන්ට කොටු වී තමන් අත්දැකීමෙන් ලද පන්නරය සගවා ගනිමින් ජීවත් වේ. එහෙත් ඒ කිසිවෙක් මහා නගරයක හතරැස් ගමන් මල්ලක හිස සුන්ව සැඟවී නොයයි. ඇය විප්ලවවාදියෙකු නොවේ. එහෙත් ඇය මේ සමාජයේ සමාජ සංවේදී ක්‍රියාවලියන්හී නිතර නියැලුනු…

Read More