මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…
Read MoreTag: committee for protecting rights of prisoners
මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”
එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සිය පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…
Read Moreඅධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read More“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!
මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා දකින බවත් නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම පවසයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා, ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් වෙත පැමිණිල්ලක් සිදුකරමින් එම නීතිඥ කණ්ඩායම එලෙස පවසා ඇත. මෙම නීතිඥ කණ්ඩායම වන්නේ සේනක පෙරේරා, කේ.එස්.රත්නවේල්, පාලිත බණ්ඩාර, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, චුලා රන්ජීව අධිකාරි, තම්බයියා ජේ.රත්නරාජා, ලුතිෆ් සයිනුල්…
Read More