හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

crisis of the rule of law in srilanka

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද එක් කර ගනිමින් වාහන නලා ශබ්ද කරමින් ක්ෂණික විරෝධයක් ඇති කිරීමයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර එය ඉතා ඉක්මනින් අතිවිශාල ජනතාවක් වෙත සංසරණය විය. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු යහපාලන ආණ්ඩුවේ ප්‍රභූ රථ පෙළපාලි ගමන් කරද්දී මේ ආකාරයෙන් වාහන නතර කරද්දී ස්ථාන ගණනාවක මේ ආකාරයේම වාහන නලා ශබ්ද කරමින් විරෝධතා දැක්වීම් සිදු කරන…

Read More

ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?

Chinese Defence Minister General Wei Fenghe Government of Sri Lanka

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය  සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. එසේ වාහන ගමනා ගමනය සීමා කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා  ගමන් ගත් රථ පෙළට යාමට ඉඩ ලබා දෙමින් බොරැල්ල ප්‍රදේශයේදී මාර්ගයක් දිගු වේලාවක් වසා තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු විරෝධය දක්වන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය විය. දිගු වේලාවක් මාර්ගය වසා තබන්නේ  ප්‍රභූන්ට යාමට බවත් මෙයට ඡන්දේ දුන්නේ යැයි පවසමින් එකී පුද්ගලයා එම අවස්ථාවේ මාර්ග…

Read More

ජීනිවාහී දී සහාය පළ කිරීම ගැන චීන ආරක්ෂක ඇමතිට තුති!

china defence minister wei feng kamal gunaratne Government of Sri Lanka

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා වෙත ස්තූතිය පළ කර ඇත. චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හිගේ නිල ශ්‍රී ලංකා   සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ  (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස ජෙනරල් ෆෙන්ග්හිගේ ප්‍රධානත්වයෙන් යුත්…

Read More

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

Minister of National Defense China gotabaya rajapaksa

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B – 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණියේ ඊයේ රාත්‍රී 10.50 ටය. මෙම දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. කවුද මේ, ජෙනරාල් වෙයි ෆෙන්ග් 1954 පෙබරවාරි මස ජෙනරාල් වෙයි ෆෙන්ග් උපත ලැබුවේ ෂැන්ඩොං හි ලියාඕචෙන් හි ය. වයස අවුරුදු 16…

Read More

ඉන්දියාවේ ණය ගෙවූ සැනින්, ඩොලර් බිලියන එකහමාරක ණයක් චීනෙන්!

1.5 billion loan from China Central Bank of Sri Lanka

විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකා මහ බැංකුව යුවාන් බිලියන 10ක් වන එම මුදල ලබාගෙන ඇත්තේ චීන මහජන බැංකුවෙනි. “ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත,” යි රජය නිවේදනය කර තිබේ. චීන ව්‍යවහාර මුදලින් ලබාගන්නා ණය වෙනත් රටවල යොදා ගැනීමේ දුෂ්කරතාව නිසා එය වැය කිරීමට සිදුවනු ඇත්තේ චීනයේම නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමටය.…

Read More

දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!

Foreign interference in the islands electricity

උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය  සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා  ඩොලර් මිලියන 12 ක  මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…

Read More

මේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන් වහන්සේලාත් වගකියන්න ඕනෑ! – චන්ද්‍රජෝති හිමි

False patriotism of the monks of sri lanka

හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා. ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන්…

Read More

ජනාධිපතිගේ “අපි ණය උගුලක අහු වෙලා නෑ” කියලා කියපු වචනේ අපට විශ්වාසයි – බද්දේගම සමිත හිමි

Baddegama Samitha Thero MCC

අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ? මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පිරිස් රැස් කිරීම සුබදායක නොවන නමුත් විරෝධතාවයක් නොදක්වා සිටීම අපගේ හෘද සාක්ෂියට එකඟ නොවන නිසා තනියෙන් හෝ සංකේතාත්මකව විරෝධය පෑ යුතුයි කියලා මම විශ්වාස කළා. ඒ වගේම රජයේ පාර්ශවයේ පාර්ශවකරුවෙකු වුනත් අපේ අරමුණ වෙන්නේ අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ ජනතාවගේ නිදහස, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. එතකොට මේ ඇමරිකන් විදේශ ඇමැතිවරයා නැතිනම් රාජ්‍ය…

Read More