අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.

කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි. අධ්‍යාපන මිලටරිකරණය හා පෞද්ගලිකරණයට පාර සකසන කොතලාවල පනත අහෝසි කිරීම, වසර විසි හතරක් පුරා නොවිසිදුනු ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබා ගැනීමට  ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා  පාසල්වල ගුරු- විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි. ගුරු වෘත්තීය සංගම් පවසන්නේ රටේ විවිධ…

Read More

ගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම – අජිත් පැරකුම් ජයසිංහ

ගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම

මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩු කියා විදුහල්පතිකම් ගත් ගුරුවරුන් පවා රැස්වීමකට එන්නැයි කී විට ආවේ නැත. ගුරු වෘත්තියේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්ය. පිරිමින් වඩා එඩිතර යයි සමාජ ඒකාකෘතියක් තිබුණද ගුරු වෘත්තියේ යෙදී සිටින පිරිමි ගුරුවරුන් ද ඉතා භය පක්ෂපාත පිරිසක් බව මගේ වෘත්තීය සමිති අත්දැකීමයි. අදින් අවුරුදු හයකට පෙර…

Read More

අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය

ceylon teachers union School education Covid situation

කොරෝනා වසංගත තත්වය හමුවේ  පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක්  සිසුන්ට අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින්  රජයට  චෝදනා එල්ල කර තිබේ. කොව්ඩි 19 වසංගත තත්වය මත 2020 මාර්තු මස 13 දින වසා දැමුණු ලංකාවේ පාසල් පද්ධතිය මේ වන විට සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ කර  ඇත. ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ 2020 දෙසැම්බර් 31 දිනැති  අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛයක  සඳහන් පරිදි 2021 වසරේ පාසල් වාර සටහනට අනුව පාසල් පැවැත්විය යුතු දින ගණන දින 183 ක් බවයි. 1997.08.08 දිනැති 97/15 දරණ චක‍්‍රලේඛයට අනුව වසරකට  ලංකාවේ…

Read More

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය

Ceylon Teachers Union Posts of Principal

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට  දේශපාලන පළිගැනීම් කමි‍ටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක් නොව මහ පාරේ අරගලයක් දක්වා දියත් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ සවස (30) මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. ” පසුගිය යහපාලන සමයේත් දේශපාලන පලිගැනීම් කියලා විශාල පිරිසකට දේශපාලන පත්වීම් දෙන්න උත්සාහ කළා.නමුත් අපි එයට එරෙහිව…

Read More

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! – ලංකා ගුරු සංගමය

විදුහල්පති තනතුරු දේශපාලන හෙංචයියන්ට දෙන්න එපා! - ලංකා ගුරු සංගමය

මේ වන විට ශ්‍රී  ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරි ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරඟ…

Read More

පාසැල් ඇරීමෙන් විදුහල්පතිවරු අමාරුවේ! – ලංකා ගුරු සංගමය

Joseph Stalin Ceylon Teachers Union

පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි. බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන් නිරාවරණය වන බවත්, පාසල් පද්ධතිය විෂබිජහරණය කර සුදානම් කර යුතු වුවත් ඒසේ සිදු වි නොමැති බවත්, දරුවන්ට අත් සේදිමේ ද්‍රව්‍යයත් මේ වන විට පාසල් වලට ලබා දි නොමැති අතර, ළමයින්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශිය අධිකාරිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්න කියා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දන්වා තිබුණද මෙතෙක් වත් සිදු වි නොමැති බවද ඔහු අවධාරණය කර…

Read More