ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…
Read MoreTag: සංචාරක කර්මාන්තය 2020
සංචාරක කර්මාන්තයටත් අබ සරණයි!
ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත. මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ ප්‍රතිචාරය සමග ලංකාවේ සංචාරක කර්මාන්තය බිංදුවටම කඩාගෙන වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත් මෙම තත්ත්වය නිසා ඖෂධ, ඉන්ධන, ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල ප්‍රශ්නයක් තිබෙන බවත්, වෙළඳසැල් ඉන්ධන පිරවුම්හල් හා ෆාමසිවල සඳහා දිගු පෝලිම් තිබිය හැකි බවත් දිගින් දිගටම ලංකාවේ විදුලිය ඇනහිටීම් සිදුවෙන බවත් ප්‍රකාශ කරන එම නිවේදනය, එම…
Read Moreසංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!
සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය. සංචාරක ක්ෂෙත්රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්ෂෙත්රයේ සමස්තයක් වශයෙන් ගත්…
Read Moreඋත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!
කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට ඉදිරිපත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ දිනවල සෑම ප්රදේශයකටම/දිස්ත්‍රික්කයකටම තාවකාලික රෝහල් ඉදි කරනු ලබයි. මෙය දිස්ත්‍රික්ක නායකයින් අතර දැන් තරඟයක් බවට පත්ව ඇති අතර ඇඳන් රැල්ලක් මේ නිසා නිර්මාණය වී ඇති අයුරුද දැකිය හැකිය. මේ අතර ඇතැම් මැති ඇමතිවරු මේ තාවකාලික කොවිඩ් වාට්ටු ඉදිකර ඒවා විවෘත කිරීමේ උත්සවද පවත්වනු දක්නට ලැබේ. මෙයට…
Read Moreවිදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!
වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි. මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් නගන ලද චෝදනාවය. ඔහු කියා සිටියේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ව්‍යාපාරයක් පවතින බවය. ඔහු ඊට අදාල තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් ද මාධ්‍යට පෙන්වා සිටියේය. ඔහු චෝදනා කර සිටියේ කොරෝනාව ව්‍යාපාරයක් කර ගෙන ඇති බවටය. ඊට පසු දිනම ඔහුගේ මෙම ප්‍රකාශය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින්…
Read Moreඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති
දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා චෝදනා කර තිබුණි. නමුත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බවත් මෙතන කිසිදු ජාවාරමක් සිදු නොවන බවත්ය. අමාත්‍යවරයා පවසන ආකාරයට මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවා ඇත. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල්…
Read Moreයුක්රේනුවන්ට PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.
යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා තිබුණි. යුක්රේන ජාතිකයින්ට පමණක් නොව ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන ඒමට අවසර දී තිබුණු බවත්, යුක්රේනය සම්පූර්ණයෙන්ම වසා දැමූ රටක් නොවන අතර, ප්‍රධාන රැස්වීම් සහ පාසල් වසා දමා අනිකුත් සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කරමින් සිටී බවත්, ඒ සියල්ල පිලිබඳ…
Read More“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළ පුවතක් අද (07) දිනයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. කටුනායක ගුවන් තොටුපොල නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී ඇත. මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපොල සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බවද නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින…
Read Moreයුක්ක්‍රේන් රැලි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධව පවසා සිටියේ කොවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශ හා විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය හා ආරක්ෂ අංශ එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන බවත්ය. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ දී සංචාරකයින් හා මෙරට වැසියන් අතර, සම්බන්ධතායක් ගොඩ නොනැගෙන…
Read More