පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

special operation to find corrupt police officers police sri lanka

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. සැබවින්ම දූෂිත පොලිස් නිලධාරීන් රැසක් වර්තමානය වන විට පොලිසිය අරක් ගෙන සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. මේ නිසා මහජනතාවට පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳි යමින් ඇත. මාව අන්දන ලෑස්ති වෙන්න එපා මේ අතර…

Read More

නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!

Recruitment of Attorneys to the Police

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය. නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා  බලන ලෙස  ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇත. ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි. මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති…

Read More

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි!

story of shani abeysekara family

මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ 1986.02.10 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳීමත් සමගය. ඉන්පසුව 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන ඔහු පසුව මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට යවන ලදී. එලෙස ආරම්භ වෙන ඔහුගේ පොලිස් දිවියට වසර 34කි. ආධුනික උප පොලිස් පරීක්ෂකයෙකු සේ සේවයට බැඳී ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා සේවයේ…

Read More

සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා

Some uniformed police officers are violent

අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි නෛතික තත්වය, එය පැමිණ වීමෙන් ඇති වන ඵලවිපාක ගැන පොලිස් නිලධාරීන් හරියට දැනුවත් නැහැ. මං දන්න අන්දමට යම් මට්ටමක දැනුමක් පොලිස් විද්‍යාලයේ දී ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුම ලබාදුන්නත්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ඉඳන් 15 දක්වා ඒ කොටසේ තියෙන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව හරි අවබෝධයක් බොහෝ පොලිස් නිලධාරීන්ට නැහැ. ඒ නැති නිසා…

Read More