Tag: වතු කම්කරු කාන්තාව
“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’
බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ හදිසි සහන ලෙස සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බවය. “වතු කම්කරුවන්ව රවට්ටන්න දැන් දවසකට පාන් පිටි ග්‍රෑම් 500 ක් අඩු ගානකට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුකිරීම තමයි වතු කම්කරුවන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුමයැයි කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි…
Read Moreආණ්ඩුව වතුකරයේ ගුරු සහායකයන් රවටයි!
යහපාලන ආණ්ඩුව විසින් පත්වීම් ලබා දුන් මධ්‍යම පළාතේ ගුරු සහායකයන් 380 දෙනෙකු ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සේවයේ ස්ථිර කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දන්වා තිබුන ද අවසන් මොහොතේ එය අවලංගු කෙරිණි. “එක් එක් හේතු දක්වලා ගුරු සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම කල් දමන එක අපිට අනුමත කරන්න බැහැ,” කලක් කඳුරට ජනතා පෙරමුණ නියෝජය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, පසුව ලංකා කම්කරු කොංග්‍රසයට එක්වී එහි නියෝජ්‍ය නායකයෙකු වූ කනපති කනකරාජා මාධ්‍යවේදීන් හමුවේ [29] ප්‍රකාශ කළේය. වතුකරයේ ගුරු සහායකයන් රවටා ඇති බව පවසන ලංකා කම්කරු කොංග්‍රසය එම නිසා ඔවුන් විසින් වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට…
Read More“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව ආගරපතන වැවිලි සමාගමට අයත් වතු යායේ වැඩ කරන කම්කරුවන්ගේ වෘත්තීය අරගලයක් පසුගිය සතියේදී දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙනි. “කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දෙන්න ආගරපතන වතු සමාගම එකඟවුනා, ඒත් ඒක ලියවිල්ලකින් තහවුරු කර දෙනකම් අපි බලාන ඉන්නවා,” යැයි රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් පවසයි. දේශපාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුල වෘත්තීය සමිති වැඩ වලින් ඈත් වුවද…
Read Moreවතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්!
බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස බඩු මිල ඉහල යන ඒකත් එක්ක කම්කරුවන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි, ඒ හින්දා මේ ජීවන වියදම් දීමනාව රුපියල් 500 දක්වා ඉහල දාන්න ඕනෑ,”යැයි දෙමළ ප්රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි. මන්ත්‍රී ශ්‍රීධරන් කියා සිටියේ විදේශ විනිමය රටට ගෙන ඒමට සමත් වන වතු කම්කරුවන්ට…
Read Moreරුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.
පඩිපාලක සභාව මගින් නියම කොට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති දෛනික මූලික වැටුප වන රුපියල් දහස කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙසැම්බර් 14 වැනි අඟහරුවාදා තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ කම්කරුන් සිය ගණනක් විරෝධතාවය සදහා එක්ව සිටි බවයි. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත් වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට කටයුතු කරන බවට …
Read Moreවතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!
වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම් සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන ගිය අරගලයෙන් පසු වැටුප් නිරාකරණය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි විය. ඩයගම, තලවකැලේ, කොටගල සහ ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ ලිඳුල නගරයට දෙසැම්බර් 12 වැනිදා රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.…
Read Moreකුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!
දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන් දින ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත් ප්‍රමාණවත් නොවීම ගැන විරෝධය දක්වමින් ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ. ලංකෙම් ව්‍යාපාර සමුහයට අයත් ආගරපතන, ටොරින්ටන් වතු යායේ තේ කම්කරුවන් සිය ගණනක් නොවැම්බර් 29 වැනි සඳුදා උද්ඝෝෂණය දියත් කර තිබුනේ රුපියල් දස දහසකින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව දහවල් 12ට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් තිබියදීය. පසුගිය…
Read Moreවැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!
සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන, ඇල්බියන් වත්ත, බ්රස්ටන්, සින්න නාගවත්ත, නිව් බ්රස්ටන් ආදී වතුවල තේ දළු නෙලන කම්කරුවන් අද දිනයේ සේවා ස්ථිනයට වාර්තා කර සිය රාජකාරිය ඉටු නොකරමින් වැඩ වර්ජනය දියත් කර තිබේ. එයට සමගාමීව සින්න නාගවත්ත වතු කම්කරුවන් විසින් විරෝධතාවයක්ද දියත් කළ බව පළාත් බද…
Read Moreකඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා
කඳුකරයේ දරුවන් ඇතුළු දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත් මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි. එහි ප්‍රතිපලයක් ලෙස කඳුකරයේ මේ වන විට වතු කම්කරුවන් ලෙස සේවයේ සිටින්නේ එක්ලක්ෂ හතලිස් හයදහසක් පමණක් වුවත් එවැනි තුන් හතර ගුණයක තරුණ තරුණියන් අගනගරය ආශ්‍රිතව සේවයේ සිටින බව පියතුමා අවධාරණය කළේ විවිධ ජනවර්ග වෙත මුදාලන පීඩනයන් හෙළා දකිමින් “83 – කළු ජුලිය ආවර්ජනයෙන් ඔබ්බට ගමන් කරමු!” තේමාව යටතේ ක්‍රිස්තියානි…
Read More