ජාජබ ට  සම්ප්‍රදායික ජවිපෙ උගුලින් ගැලවෙන්න පුලුවන්ද?

රාජපක්ෂ බලය  විසින්  නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ   පුරුද්දෙන්    පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින  රාජපක්ෂ– රනිල්  ආණ්ඩුව  අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග.  රට  ඇදී ගිය   ශිෂ්ටාචාර  අර්බුදයේ පතුළටම    අප   වැටෙමින් පවතින මේ මොහොතේ   තත්ත්වයවිසින්  බලකෙරෙමින් තිබීම නිසා හෝ  අවදිවන  පුරවැසි ජනයා , දැන්   රාජපක්ෂවරුන්  දේශපාලන භූමියෙන් ඉවත්කරගැනීමෙන්මෙපිට  අඩියක් පස්සට යන්නේත්  නැත!  මෙලෙස අපි  මහා දේශපාලන ගැටයක හිරවී සිටිමු. මෙම ගැටය කපා අනාගතය දෙසට අප පියමන් කරන්නේ කෙසේද? මේප්‍රශ්නය විසඳෙන ආකාරය අනුව අපේ අනාගතය තීරණය වනු ඇත.  ජන අරගලයේ මුල් දිනවල…

Read More

අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?

Read More

කොරා පිට අන්ධයා නැගීම

Samagi Jana Balawega and Jathika Jana Balawegaya against Prime Minister Ranil

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…

Read More

“මැරයෝ නතර නොකළේ පොලිස්පති, ආරක්ෂක ලේකම් නිසා” රමේෂ් පතිරණ

“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අග්‍රමාත්‍යවරයාට ගෞරවය දක්වන්නයි. මේ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මුග්ධ දේශපාලඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒක පිළින්නට අවශ්‍යයි. ඒ බලපෑමට යටත්වෙලා අපු පිරිසෙන් සියයට 10ක් විතර ගෝඨාගෝගමට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. මේ අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ,…

Read More

ආණ්ඩුවක් පිහිටුවන්න ජවිපෙ සූදානම්

වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි: 1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න. 2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න.  3. මාස හයක් තුළ මැතිවරණ පවත්වන්න. 4. ඒ මාස හය තුළ ආණ්ඩුවකට නායකත්වය දෙන්නට ජාජබ සූදානම්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍යයි. 5. එහෙම නැතිනම්, වෙනත් අන්තර්වාර පාලනයකට ජාජබ සහාය විපක්ෂයේ සිට 6. කවර හෝ ආකාරයකින් පත්වන එම ආණ්ඩුව විසින් විධායක ජනාධිපති බලය හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමාකරන 21වන සංශෝධනයක් ගෙනආ යුතුයි. 7. ජනතාවගේ බරපතල ආර්ථික පීඩනය අවම කිරීම සඳහා…

Read More