තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. හරියටම සතියකට පෙර එනම් පසුගිය බ්‍රහස්පතින්දා (16) පෙරේදා රාත්‍රියේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය කිහිපයක් පෝලිමේ රැඳී සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය. මෙම පුද්ගලයා තම ත්‍රිරෝද රථයේ පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු…

Read More

ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…

Read More

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට

ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක් සිදුව තිබේ. ඊයේ (22) දහවල් බලපෑ මෙම භූ කම්පනය කිලෝමීටර 24ක් දක්වා විහිදී ගොස් තිබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි වාර්තා වේ නමුත් යුරෝපීය – මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ගණනය කිරීම රික්ටර් මාපකාංක…

Read More

අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?

Read More

රනිල් වික්‍රමසිංහ : ගෝඨාභයගේ හොඳම මාධ්‍ය ප්‍රකාශක

-කේ. සංජීව- ගෝඨා ගෝ හෝම් කියලා මිනිස්සු පාරට බැස්සේ නිකමට ගෙවල්වලට වෙලා ඉන්න බැරිකමට නෙවෙයි, මෙතෙක් ගතකරපු සුවපහසු ජීවිතය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය විසින් අවසන් කරපු නිසා. මිනිස්සුන්ට උයන් කන්න ගෑස් නැතිවුණ නිසා. තෙල් පෝලිම්වල දවස ගතකරන්න සිද්ධවුණ නිසා. ආහාර අර්බුදයක් ඉස්සරහට එනවා කියලා දසතින් ඝෝෂාවක් නැඟුන නිසා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පවුලේ සැම බිත්තියට හේත්තු කළාම රනිල් වික්‍රමසිංහ පස්ස දොරෙන් ගිහිං අගමැතිකම භාරගත්තා. මේ භාර ගැනිල්ල අස්සේ දවසකට හරි ජනාධිපති පුටුවට ගොඩවෙන්න අවස්ථාව දෙනවා කියන එකඟතාවය ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා. කොහොමහරි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට රූපාන්ත්‍රනය කළේ වෙන දේකට…

Read More

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, සර්ව සම්පූර්ණයි..!

dhammika erera

ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය සර්ව සම්පූර්ණ වුනා. අපේ පාර්ලිමේන්තුවට අඩුව හිටියේ කැසිනෝ හිමිකරුවෙක් පමණයි. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා කිහිපයක් හිමි ධම්මික පෙරේරා (කැසිනෝ ධම්මික) ඊයේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නා. අද හෝ හෙට ඔහු ප්‍රබල ඇමැති ධූරයකත් දිවුරුම් දීමට නියමිතයි. ඒ වගේම තව සති කිහිපයක් යනකොට අළුත්ම tag line එක “Go Home Dhammika ” බවට පත් නොවුනහොත් ඔබ පුදුම විය යුතු නැහැ. ලංකාවේ පාර්ලිමේන්තුව තරම් වෛවර්ණ සමාජ හරස්කඩක් ලෝකයේ වෙනත් කිසිම පාර්ලිමේන්තුවක දකින්නට නැහැ. මහාචාර්යවරු, සෑබෑ ආචාර්ය වරු, NGO ආචාර්යවරු, ජනාධිපති නීතීඥයෝ, සාමාන්‍ය නීතිඥයෝ, වෛද්‍යවරු, ගණකාධිකාරිවරු, පාසැල් ගුරුවරු, මහාපරිමාන…

Read More