චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

Shirani Bandaranayake the next common candidate

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත. මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි. මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු…

Read More

බැසිල්, මුදල් ඇමති තනතුර දැරීම ව්‍යවස්ථා විරෝධීයි!

Basil Rajapaksa post of Finance Minister Wijedasa Rajapaksa

පුරවැසි පනතට අනුව මෙරට කිසිඳු සම්පත් දැරීමට බැසිල් රාජපක්ෂට සුදුසුකමක් නැති බවත් එනිසා ඔහු මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දැරීම අභියෝගයට ලක්කරමින් ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස සහ මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉහත ප්‍රකාශය කළ  ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රශ්න කර ඇත්තේ ඇමරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවි දැරීමට දිවුරා පොරොන්දු වී සිටින…

Read More

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

Renuka Perera Chairman Litro Gas

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්‍රබලයින්ද චෝදනා කළෝය. මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික…

Read More

එමිල් රංජන්ට මරණ දඬුවම!

Emil Ranjan sentenced to death welikada prison massacre

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව පසුගිය 12 දා කැඳවූ අතර එහිදී චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

omicron in european countries

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට නැගෙනහිරට උදම් රළක් මෙන් කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙයි. 2022 නව වසරේ මුල් සතිය වන විට ආසාදිතයන් මිලියන 07ක් වාර්තා වී ඇති අතර මෙම තත්වය අනුව මීළඟ සති දෙක ඇතුළත ආසාදිතයන් දෙගුණයක් වනු ඇතැයි ඔවුන් පවසා සිටී. තවද සති 6ත් 8ත් ඇතුළත සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 50%කට මෙම වෛරසය ආසාදනය වනු…

Read More

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ලංකාව පහත හෙළයි!

Standard & Poor's lowers Sri Lanka

ලෝකයේ ප්‍රධාන පෙළේ තවත් මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය තම ශ්‍රේණිගත කිරීම අනුව ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත. එම ආයතනය ප්‍රකාශ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථික අර්බූදය තුළ විදේශ ණය ආපසු නොගවා සිටීමේ වැඩි ඉඩක් පවතින බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වීමයි. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලංකාව දැන් සිටින්නේ බංකොළොත්වීමේ විශාල අවධානමකය. මීට පෙර තවත් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද්විත්වයක් වන මූඩීස් සහ ෆිච් රේටින්ස් ආයතනද ලංකාව මේ හා සමාන තත්ත්වයකට පහත දැමුවේය.

Read More