තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

dalas

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත්  එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය. කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර…

Read More

තොරතුරු එන්නත සහතික කිරිම ඔබත් එන්න !

rti

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට (28 ) යෙදී තිබේ. අද (28) පස්වරු 3.00 සිට සුම් තාක්ෂය ඔස්සේ  පැවැත්වෙන මෙම සංවාද මණ්ඩපය සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු කථානායක කරු ජයසුරිය, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්,…

Read More

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.

kamzy

ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි  ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී  කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කම්සි ගුණරත්නම් මහත්මිය කියා සිටින්නේ තමා ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර සබඳතා ප්‍රවර්‍ධනය කරන අතර සියලු ජන කොටස් අතර කාන්තා සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරන බවය. ඇය වර්ජනය කිරීම ගැන විශ්වාස නොකරන බවත්  ආයෝඡන තිබිය යුතු අතර  රැකියාව සහතික කළ හැක්කේ එයින් පමණක් බව…

Read More